
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් පොලීසි වෙස් ගෙන වයෝවෘද්ධ කාන්තාවන් කොල්ලකෑ යුවළ බවට අනාවරණය වී යැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
එම සැකකාර යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකාර සැමියා සන්තකයේ තිබී ඊට සුළු මොහොතකට ඉහතදී එලෙස කොල්ල කන ලද රන් මුදු දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
බොරලැස්ගමුව පොලිස් වසම තුළ මහමග ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවන් සිව් දෙනකු ට සැකකාර යුවළ සී අයිඩී නිලධාරීන් බවට හඟවා මුලාකර ඔවුන් මත්කුඩු ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇතැයි පවසමින් පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා තීරෝද රථයට නංවාගෙන මද දුරක් යාමේදී සොර සතුරන් ඇති බැවින් පැළඳ සිටින රන් ආභරණ ගලවාගෙන බෑගයට දමා ගන්නා ලෙස උපදෙස් දී පාළු ප්‍රදේශ කරා රැගෙන ගොස් එම රන් භාණ්ඩ කොල්ලකා ඔහුන් අත්හැර පලා යාම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් ලැබී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.