
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියයි..
රටේ සංචරණ සීමා පනවා ඇති බව කීවත් මාර්ගවල පවතින තත්වය අනුව එවැන්නක් නොපෙනෙන බව කී වෛද්‍යවරයා සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපට නැතිවන්නේ අපේ හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයැයි ද සඳහන් කළේය.
වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා කීවේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා මහතා කියයි.
ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දුන්නේය.
මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.
එන්නත්කරණයේදී වූ අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා ගැන තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබියදීත් තීන්දුවක් ගෙන නැතැයි කී වෛද්‍යවරයා ජනාධිපතිවරයාගේ තීන්දු ක්‍රියාත්මක නොකරන අයෙක් ඉන්නවාදැයි යන්න ගැටලුවක් බවද කීවේය.
වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවද නවීන් සොයිසා මහතා සඳහන් කළේය.
COMMENTS
අපි තමයි හොඳටම කළේ...!!!
කමක් නැහැ... මන්ත්‍රීලාට වාහන 225ක් එනවා. කොරෝනා හැදිලා මැරුණත් දුක නැහැ.
හරිනේ ඉතින් ඒකනේ කිව්වේ... අපි තමයි හොඳටම කළේ කියලා..!!!
හා ඒකද එහෙනම් 14 වැනිදා සංචරණ සීමා ඉවත් කරනවා කියන්නේ?
ඒ වුණාට අපි නේද හොඳටම කරේ ?
ඉන්දියාවල ඔය මරණ තුන්ගුණයක් කියලා මීඩියා වල කියන්නේ... ගොඩක් මිනී ගංගාවල පාවෙනවා. මුඩුක්කුවල මැරෙන ගාණ කියන්න බැහැ. ඔය විදිහට දිල්ලි වල කීයක් ඇතිද?
මෙම වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව ප්‍රස්ථාර සහිත විස්රාතත්මක ලිපියක් මම එසැණ පුවත් වෙත ඊයේ ඊ-මේල් කළා.
බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරලා තමන්ගේ ගොඩ වඩාගන්න එපා. ලංකාවේ දිනකට මැරිලා තියෙන්නේ 2යි.. ඔයිටවඩා මදුරුවෝ කාලා මැරෙනවා දවසකට.. කොරෝනා වවන් කන්න එපා.
ඔය ගොල්ලොත් කතාව පැත්තකින් තියලා ක්ෂේත්‍රයට ගිහිල්ලා වැඩ කරන්නකෝ...!!!
මේ ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් වැඩ වර්ජන කරපු මිනීමරු යූනියන් කාරයින් ගහන බයිලා දාන්නේ නැතුව දෙවිවරු වගේ දොස්තර කෙනෙකුගේ ඇත්ත කතාවක් දාන්නකෝ... මේ අය කියන්නේම රට පච කියලා ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා. තවමත් අපිව අන්දන්න හදන සොයිසලාගේ පච පිළිගන්න අපි ලෑස්ති නෑ.
වෛද්‍යවරුනුත් බැහැලා වැඩ කරන්නකෝ. බොහෝ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට කිට්ටු වෙන්නේවත් නැහැ.
ලෙඩේ ව්‍යාප්තිය අඩුකරන්නේ බෙහෙත්වලින් නොවේ. බෝවීම තුළින්.. ඒකට දොස්තරලා මොනවා කරන්නද? ආණ්ඩුව වගේ ගොන් කතා කියන්න එපා...
ඔය මාෆියා කල්ලි වල සංඛ්‍යා ලේඛන අපිට වැදගත් නැහැ. රජය හා සැබෑ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ශේත්රයේ සියලුම සේවකයින් ඔවුන්ට හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ජනතාව මීට වඩා වගකීමෙන් කටයුතු යුතුයි. මේ වෙද මාෆියා කල්ලියට අවශ්‍යවී ඇත්තේ කොවිඩ් එන්නතත් පෞද්ගලික රෝහල් අංශයට ලබා ගැනීමේ අරමුණ වෙන්න ඇති. සෞඛ්‍යය දියුණු කරන්න නම් මේ මාෆියා නඩය සෞඛ්‍ය ක්ෂේත්‍රෙයන් තුරන් කල යුතුයි. අපි මැරුණත් මාෆියා කල්ලිවල පිහිට අපිට අවශ්‍ය නැත.
වෙන්න බෑ. ඒ කියන්නේ සර් නෙමෙයිද රටේ ලොක්කා..?
දැන්වත් කයිවාරු නැතිව විද්‍යානුකූල උපායමාර්ගවලින් මේ වසංගතය පාලනය කරන්න.. බලන්න දැන් ඉන්දියාවත් පාස් කරලාලු... හොඳ වාර්තාවක්ද?
බහුවිධ විචල්‍යයන් ඇති සංඛ්‍යාන දත්ත විශ්ලේෂණ සරල ගණිතමය ගණනය කිරීමක් සමඟ සැසඳිය නොහැක. නමුත් ඊට වඩා ඇල්ගොරිතම ගණනය කිරීමක් අවශ්‍ය වේ. ඔබට ඇපල් හා මිදි සංසන්දනය කළ නොහැක. එසේම ඔබ සමාන හා සමාන නොව සැසඳිය යුතුය. මේ ලෝකයේ සෑම දෙයකටම සියලු මිනිසුන් හොඳ නැත.