
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,828.80 ක් බවට පත්වූ බව එම වෙළෙඳපොල පවසයි.
ඒකක 16,828.80 ක් ලෙස සටහන් වූ මෙම සියලු කොටස් මිල දර්ශක අගය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තාකළ ඉහළම අගය යැයි එම වෙළෙඳපොල ප්‍රධාන නිලධාරියෙක් සඳහන් කළේය.
සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.66 ක් ලෙස අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සටහන් වූ බව ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර බලය ලබාගත් දාට කොටස් වෙළඳපොළ ඉවරයි කියපු උදවිය? මේක තමයි වෙනස. රටෙත් නැති කැකුළු හාල් ඉල්ලල වැල ලෙන්න එපා, ගොයම් කැපුවම දෙන්නම්