
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
එම සැකකාර නිලධාරියා ඊයේ (12) රාජකාරියෙන් පසු නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි එම සැකකාර නිලධාරියා පාදුක්ක කූරුගල පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට