(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කන්ඩායමක් විසින් අද සවස සිදු කරන ලද වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝග්‍රෑම් 08ක් ළග තබා ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභිකයෙකු සහ තංගල්ල ධීවර වරායේ ආරක්ෂක නිළධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබූණි.
පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ 42 වැනි වියේ පසු වන ඕකන්දයායේ පදිංචිව සිටින වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු හා මිද්දෙනිය ජූලම්පිටියේ පදිංචිව සිටින 29 වැනි වියේ පසු වන අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සැකකරුවන්ගේ ( චුදිතයින් නොවෙි) නම් හෙලි කරන්න බැරි?. සැකකරඅවෙකුගේ නම හෙලි කළා කියලා කිසිම වැරද්දක් නැහ. සමාජය ඇත්ත දැනගත යුතුයි.
ඔය ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් සිදුවුනේ නගරයේ මෙන්ම ඈත ගම වලත් ලයිසන් චන්ඩි බිහිවීම පමණයි . මේ තැන්වලට වැඩිවශයෙන්ම එන්නේ නුගත්කම නිසාම අධික හීනමානයෙන් පෙලෙන අපතයෝ රැලක් . ගමේ කිසිම් පිළිගැනීමක් නැතිව හිටපු එකෙකුට ගරු මන්ත්‍රී තුමා කියල අමතුවම උන් තව තවත් උද යනවා .