කාර්යබහුල ජීවන රටාවත්, පෝෂ්‍යදායී ආහාර නොගෙන පිටි, තෙල්, සීනි,ලුණු අධික ක්ෂණික ආහාර රටාවට හුරු වීම නිසා අද ගොඩක් දෙනා තරබාරු, ස්ථුලතාවෙන් පීඩා විඳිති. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු ප්‍රශ්නයක් වන අතර කෙට්ටු වීම සඳහාද නොයෙක් ක්‍රම අත්හදා බලති. ඒ අතර ආහාර පාලනයේදී අනුගමනය කරන වැරැදි පියවර ගැන සඳහනක් නොකරම බැරිය. බර අඩු කර ගැනීමට බොහෝ දෙනා කෑම වේල් මඟ හැරීම, පැය ගණන් එක දිගට ආහාර නොගෙන සිටීම වැනි දෑ අද වනවිට ජනප්‍රිය පුරුදු බවට පත්ව ඇත.
නොකා, නොබී කෙට්ටු වෙන්න පුළුවන්ද?
පැය ගණනක් යනතුරු කිසිවක් ආහාරයට නොගෙන සිටීම හිතකර ක්‍රියාවලියක් නොවේ. දිගු වේලාවක් නිරාහාරව සිටීමෙන් ආමාශයේ හට ගැණෙන ගැස්ට්‍රික් යුෂ ඔබව තවත් පීඩාවට පමුණුවයි. ශරීර බර අඩු කර ගත යුත්තේ නිරාහාරව හිඳ නොව ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමෙනි. එයද එකවර සිදු නොකළ යුතු අතර පියවරෙන් පියවර අඩු කිරීම හොඳය.
වතුර පානය කිරීමේ රහස
ඔබට මෙය නුපුරුදු අත්දැකීමක් නොවේ. බඩ පුරවා ගැනීමට අවශ්‍ය නම් ආහාර අනුභවයට පෙර ඔබ හොඳින් වතුර වීදුරුවක් පානය කරන්න. එවිට බඩ පිරී ඇති බවක් දැණෙන නිසා ආහාර ගන්නා ප්‍රමාණය අඩු කළ හැකිය.
හාමතේ හිඳ තුන් ගුණයකින් කෑම ගැනීම
ශරීර බර අඩු කිරීමට පැය ගණන් දුක් විඳ නිරාහාරව සිට ඉන්පසු ආහාර නොගෙන සිටි පැය ගණනටත් එක්කම කෑම ගන්නවානම් එහි අවාසියත් ඔබටමයි. නිරාහාරව සිටිද්දී වැඩි කෑම ප්‍රමාණයක් ආහාරයට ගත හැකි වීම ඔබට අවාසියක් මිස වාසියක් නම් නොවෙයි.
අහිතකර ආහාර මොනවාද?
ඔබ ස්ථුල අයකු නම් පිටි සහිත බේකරි නිෂ්පාදන, තෙල්-සීනි-ලුණු අඩංගු ක්ෂණික ආහාර නිතිපතා භාවිතය නම් සුදුසුම නැත. කෙට්ටු වීම කෙසේ වෙතත් ඉහත ආහාර ලැයිස්තුව හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලට ඔබ ගොදුරු කරවනු ඇත.
ඔබේ කෑම පිඟාන
ඔබ ආහාරයට ගන්නා බත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න. සරලව කියනවා නම් බත් අඩුවෙන් ආහාරයට ගෙන එළවළු, පළා වර්ග වැඩිපුර සහ මස්,මාළු යනාදියද යම් ප්‍රමාණයකින් එකතු කර ගැනීම සුදුසුය.
කෙට්ටු වෙන්න පියවරෙන් පියවර
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ගන්න.
අහිතකර ආහාර ඉවතලා හිතකර ආහාරවලට යොමු වන්න.
ඉහතින් දැක්වූ පරිදි නිවැරැදි ආහාර පාලන ක්‍රමයකට හුරු වීම සුදුසුය.
හොඳින් ජලය පානය කරන්න.
දිනකට විනාඩි 20ක්වත් ව්‍යායාමයක නිරත වීම අමතක නොකළ යුතුය.
තමන්ගේ සිත සැමවිටම සතුටින් තබා ගන්න. මන්ද මනසේ සුවපත්භාවයද මෙයට ප්‍රධාන වන බැවිනි.
ආහාරවලින් පමණක් ශරීර බර අඩු කළ නොහැකිය. ඒ සඳහා ක්‍රමවත් ව්‍යායාම් ක්‍රම, අපේ සිතුවිලිවල ධනාත්මකභාවයද එකතු විය යුතු අතර ඒවා සියල්ල සපිරුණු විටෙකදී පහසුවෙන්ම අපේ ඉලක්ක වෙත ළඟා වීමට හැකිවනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෙට්ටු වීමේ කෙටිම ක්‍රමය