
(සුජිත් හේවාජුලිගේ)
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
කළුගල් කැණීමේ ව්‍යාපෘති සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර 2019 වර්ෂයේදී අහෝසි කර ඇත්තේ එම පුරාවිද්‍යා ස්මාරක වලට හානි සිදුවීමෙන් අනතුරුව බවද වාර්තාවේ දැක්වේ.
මුල් ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී පුරාවිද්‍යා සාධක අනාවරණය කර නොගෙන කළු ගල් කැණීමේ බලපත්‍ර එසේ නිකුත් කර තිබිණැයි කියති.
මේ අතර උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන ස්මාරක පුරාවිද්‍යා රක්ෂිත සංරක්ෂණය නඩත්තුව හා කළමනාකරණය කර එම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව අසමත්ව ඇති බව නිරීක්ෂණය වී යැයි එම වාර්තාවේ දැක්වේ.
උතුරු පළාතේ බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි මූලික ගවේෂණ කටයුතු පමණක් කර ඇති බවත් විස්තීරණ ගවේශණයක් මගින් අදාල ඉදිරි පුරා විද්‍යාත්මක කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නො තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
937
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
බයි සිතිවිලි Saturday, 19 April 2025 01:34 PM
කසිප්පු ජොනියා සංස්කෘතිය කෑවට බයියන්ට කමක් නෑ.
SIRI Saturday, 19 April 2025 02:25 PM
ඔය බලපත්‍ර දුන්නු කට්ටිය "පුරාවිද්‍යාව කන්නද" කියලා අහලා නැද්ද?
ගුණරත්න Sunday, 20 April 2025 02:42 PM
සීගිරියේත් බොරළු කපලා, තිසා වැවේ බැම්ම උඩින් බර වාහන දුවන්න පාර අරින්න හදනවා. මුන් අපේ රටේ උරුමයන් ගැන තැකීමක් නැහැ. මුන් ම්ලේච්ඡ කොමියුනිස්ට් මිනීමරුවෝ.