
(යසන්ත ආරියසේන)
හක්මන දෙනගම ප්‍රදේශයේ දී අද (03) සවස සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් මිලිග්‍රෑම් ප්‍රමාණයක් 7140 ක් අඩංගු පැකට් 34 ක්සමඟ දෙයියන්දර පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.
හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව හක්මන දෙනගම බටහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමක දී පොලිස් කොස්තාපල්වරයාගේ දෙනගම බටහිර ප්‍රදේශයේ නිවසේ තිබී විකිනීමට සූදානම් කරතිබූ හෙරොයින් මිලිග්රැම් 3150 සහ අනෙකුත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් 3990ක ප්‍රමානයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට (04) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු පැකට් 34ක් සමග දෙයියන්දර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට