(යොහාන් භාසුර)

කුකුළු මස් කිලෝවක මිල 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (21) පැවසීය.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව සිල්ලර මිල රුපියල් 1,150 ක් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකදී එම එකඟතාවය එළඹි බවත් නව මිල හෙට (22) සිට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.