
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසිය කියයි.
එම බෝම්බයේ මලකඩ සහ ඔක්සයිඩ් බැඳී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
කොළඹ 13 කොටහේන මෙෆිල්ඩ් පාර පදිංචි පැමිණිලිකරු එම පුද්ගලික ආයතනයේ හිමිකරු වන අතර අක්කර යක පමණ භූමි භාගයක පිහිටි එම ගබඩා භූමියේ ප්‍රයෝජනයට නොගන්නා පරණ බඩු බැහැර කරනු ලබන ස්ථානයක් ඇති බවත් ඉකුත් 10 වෙනිදින එම ස්ථානය පිරිසුදු කිරීම සිදුකරනු ලබන අවස්ථාවේදී ගබඩාවේ කළමනාකරු පැමිණිලිකරු හට දැනුම් දී ඇත්තේ කාලතුවක්කු උන්ඩයකට සමාන මළකඩ කන ලද පැරණි උපකරණයක් හමු වූ බවත්ය.
ඒ අනුව පැමිණිලිකරු එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
COMMENTS
අයි තින්ක් ඉට් වෝස් මේඩ් ඉන් ඉම්පීරියල් ජැපෑන්.
වසන්තයියාට වැඩේ දෙන්න ටැටූ කඩේට යවන්න ගෙනා එකක් වත්ද?
කොටි නැගිටිනවා.
බේසමක් දීලා අරන් තියෙන්නේ..!
අනේ අමිමෝ...
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හිටං ඕක...!