(අජන්ත කුමාර අගලකඩ)
කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.
කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ .
පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24)පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය .
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජීවන වියදම් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය .
ඒ අනුව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කළේය .
ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ,ගෑස් සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ගණන් වැඩි කරන ලෙස ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත .
කිරිපිටි සහ සිමෙන්ති මිල ඉහළ නොදැනීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි සහ සිමෙන්ති හිඟයක් මාසයක පමණ කාලයක් තිස්සේ පවතී .
COMMENTS
සීනි, පාන් පිටි පිටි කිරි භාවිතය ශරීරය ලෙඩ කරවන අතර ජොගින් ට්‍රැක් වලට හුරුවීම සුවපත් ජීවිතයකට මඟ පෑදේ. ඉදිරියේදී බත් කෑමත් ක්‍රම ක්‍රමයෙන් අඩු කීරීම යහපති.
69 ට ජයවේවා.. තව මදි.
අනෙක් අය ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම අනුව භාණ්ඩ මිල වැඩිකරන විට මේ අය ඒ කාලේ විරෝධතා දැක්කුවෙ බඩුමිල වැඩිකරන්න ආණ්ඩුවක් මොකටද කියලා. දැන් කරන්නෙත් ඒකමයි
දැන් සැපයිද.?
පාරේ නට නටා කිරිබත් කමුද.?
අනේ .. ගිනි ගොඩේ හිටපු මිනිසුන්ව ගිනි කන්දකට යටවී ඇති බවක් පෙනේ හා දැනේ.
ඕකත් මාධ්‍ය සංදර්ශනයක්. ඕව වැඩි කරන්නේ ඔය කියල තියන ගණන් වලින් නෙවෙයි, බාගයක් නැත්තං තුන් කාලකින්. එතකොට මිනිස්සුන්ටත් සතුටුයි, ව්‍යාපාරිකයන්ට ඕන දේත් වෙලා. ආණ්ඩුව කියයි ඕන ඕන විදියට වැඩි කරන්න දුන්නේ නැහැ, රජය මැදිහත් වෙලා මිනිස්සුන්ට සාධාරණයක් කරා කියල. දෙගොල්ලොම සතුටෙන්. හැබැයි, ඇත්තටම අපි රැවටිල.
හරිම සැපයිනේද දැන්
කිසිම ප්‍රශ්නයක් නැ
පාන් කන්න ඒපා බත් කන්න ඒපා පුලුවන්තරම් අනික් දේශිය ආහාර වර්ග ගනන
ලංකාවේ මිනිස්සු මේ ප්‍රශ්නේ සැහැල්ලුවෙන් ගන්නකන් පත් වෙන මොන ආණ්ඩුව උනත් දෙන්නේ මේ ආතල් එක තමයි .හැම දේම විහිළුවක් කරලා මිනිස්සුන්ට ඒක ගානක් නැති කරවනවා .මේ ආණ්ඩුවට විතරක් නෙමේ පවතින සියලුම දේශපාලන පක්ෂ වලට සහ සිස්ටම් එකට විරුද්ධව දැවැන්ත ජනතා පිබිදීමක් අවශ්‍යම කාලයක් මේක
69 ට ජයවේවා.. තව මදි.
මහජනතාවගේ රීරි මාංශ සූරාකන දේශපාලුවන්ට සහ උන්ගේ පවුලේ අයට සාප වේවා !!!
ශ්‍රීලංකාව ක්‍රමක් ක්‍රමයෙන් සෝමාලියාව පසුකරගෙන යන හැඩයි
විපක්ෂය කියන කරන හැම එකටම අදහස් ලියන රවීන්ද්‍ර සහ බමුණු කෝ? දැන් සැපද?
69 ලක්ෂයේ අය හැංගිලද? දැන් පාරට බැහැලා කිරිබත් උයන්, නියඟලා හොද්දක් හදාගෙන කාපල්ලා..
ඩෝන් ගාලා සද්දය ආවා ,බලනකොට බඩු මිල ඉහල ගිහිල්ලා
දේශීය දේ අගයන, දේශප්‍රේමය ඉහට ගහගෙන හිටපු අයට මොකටද විවෘත වෙළෙඳ පළක්? අපි දන්නා විදිහට ලෝක වෙළඳ පොලේ නම් ඔය කියන කිසිම භාණ්ඩයක මිල වැඩිවී නැහැ. එ්ත්, ලංකාවේ බඩු මිල වැඩිවෙන එක ඉතාම හොඳයි. මේ රටේ මෝඩයින්ගේ මොලේ ක්‍රියා කරන්න නම් බඩට දැනෙන විදිහේ ආර්ථිකයක් නිර්මාණය වෙන්න ඕනෑ. ඉතින් එ්ක දැන් සිදුවෙමින් පවතිනවා. පාලකයින් ගේ බඩවල් පිරෙන කොට දැනෙන සතුට තරම් සතුටක් තවත් තියනවද රටේ මෝඩයින්ට...? අනික දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවානේ. ඒ මදිද? ඉතින් ඒ තමන්ගේ රට ඇතුලේ ටිකක් බඩ ගින්නේ උන්නාම මැරෙනවාද? තුන් වේලටම කිරිබත් කාලා සතුටින් ඉන්න පුළුවන් ලෝකයේ එකම ජාතියනේ අපි...
අපේ කට්ටිය දන්නේ ආණ්ඩුවට බනින්න විතරයි. ඔය ඩොලරය ඉහළ යෑම සහ බඩුමිල වැඩිවීම සාමාන්‍ය දෙයක්... ඕකට හේතුව තමයි වැඩි පඩි නිෂ්පාදන වලට වැඩි මිල ඉල්ලන එක... ඒක නැවැත්තුණු දාට ඔක්කොම හරි යයි. අපේ ජීවිත සුඛෝපභෝගී වැඩියි. ටිකක් අල්පේච්ච ජීවිතයකට සියලු දෙනාම හුරු වුණා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා..
මෙතන එකක් පැහැදිලියි. නිදහසෙන් පසු බලයට ආපු කිසිම ආණ්ඩුවකට පැහැදිලි දර්ශනයක් නැහැ. අද මේ මිල වැඩි කරන භාණ්ඩ ආනයන කරන්නන් පුද්ගලික ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ මුදලින්. එහමනම් ඇයි ඔවුන් රජයෙන් අවසර ඉල්ලන්නේ මෙහම මිල වැඩි කරන්න? මේවා ප්‍රෝරොඩාවක් නේ. හරියට පුද්ගලික අංශය රජයෙන් අරගෙන වෙළඳ පොළට නිකුත් කරන වගේ.