
(යොහාන් භාසුර)
කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කළ රියදුරු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
රියදුරන්ගේ දැඩි හිඟයක් පැවතීම නිසා අදාල රියදුරුගේ වැඩතහනම් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු සේවය කරන අතරතුරදී පරීක්‍ෂණය පවත්වන බවත් ජයසුන්දර මහතා කීය.
රියදුරන්ගේ හිඟයක් හේතුවෙන් අදාල දුම්රිය එම සිද්ධියෙන් පසුව දින කීපයක් ධාවනය නොකළේ යැයි දැනගැනීමෙන් පසුව එයට විසඳුම් දුන් බවත් එම දුම්රිය ඉදිරියේදී අඛණ්ඩව නියමිත ගමන් වාරය ක්‍රියාත්මක කරන බවත් ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් දහවල් 12.30 ට පිටත්වීමට නියමිතව තිබූ මෙම දුම්රියේ රියදුරුගේ කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් ඔහු දුම්රිය ධාවනය විනාඩි 30 කට අධික කාලයක් ප්‍රමාද කර තිබේ.
මෙම ප්‍රමාද කිරීමට ජනතාව සහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් විරෝධය දක්වා ඇති අතර ඒ හේතුවෙන් කුරුණෑගල දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. ඒ අතරතුර රියදුරුගේ කෑම පාර්සලය ලැබීම නිසා ධාවනය ආරම්භ කළ බව ද වාර්තා වේ.
මෙම සිද්ධියෙන් පසුව දින කීපයක් අදාල දුම්රිය ගමන් වාරය අවලංගු කිරීමට ද දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති අතර පසුව එම දුම්රිය මේ වන විට පොල්ගහවෙළ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරන බව ද දුම්රිය මගීහූ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එක බඩජාරියෙක් නිසා මුළු දුම්රියක්ම පමාකොට, එහි සිටි සිය ගණනක් මගීන් අතරමං කළ එම "රියැදුරු මහත්තයා", ඔහුගේ පෙරේත ක්‍රියාවට ඇත්තෙන්ම ලැජ්ජා විය යුතුයි !!! ශ්‍රී ලංකාවේ දුම්රිය යනු.."සේවයකි". බත් ගොට්ටකට, "සේවයක්" පාවාදීම වැනි නිහීන ක්‍රියාවක් කළ ඔහු රජයේ සේවයට කිසිසේත්ම සුදුසු නැත...!!!
ඔය පරීක්ෂණ ගැන මහජනතාව විශ්වාසයක් තැබිය නොහැකියි! ඕවා හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ වංචාකාරී රැවටිලි...!
ඇයි දුම්රිය රියදුරන් මේ තරම් හිග ? එතකොට අනවශ්‍ය වටිනාකමක් එනවා. ඔවුන් කරන හරියක් කරන්නෙ අත්තනෝමතික ක්‍රියාවන්
කෑම එක දෙන්න ඉන්න එකා මොකාද? ඌ ගැනත් වෙනම හොයන්න ඕන. ඔය කෝච්චිය කුරුණෑගලින් 12.30ට ගියාම කොටුවට එන්නේ 3.30 දන්න විදියට නම්. රියදුරාට ආපහු වෙන කෝච්චියක් අරන් යන්න තියෙනව නම් ඌට දවල්ටත් කන්න නෑ, රෑටත් කන්න නෑ. මොකෝ මඟ නවත්තලා කඩේකින් කන්නයැ. ඔතන එක මිනිහෙක්ගෙ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ. මුළු දුම්රිය දෙපාර්ථමේන්තුවම කරන වැඩ ජපානෙන් මිනිස්සු ගෙන්නලා වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන. නැත්තන් හැමදාම ඔය වගේ කතා තමයි අහන්න වෙන්නෙ.
ක්ලීන් කළ යුතුය ඔලු
අපේ tax වලින් අපිට ගහන රජයේ සේවකයෝ
අධික හීන මානයෙන් පෙලෙන මේ මෝඩ මිනිහගේ පවුලේ කෙනෙකුගේ ශල්‍යකර්මයක් කෙරෙන දවසකදී අදාල වෛද්‍යවරයාත් මේවගේ තුට්ටු දෙකේ වැඩක් කලොත් මේකට තේරේවි වැඩේ කැතයි කියල . අපේ රටේ ඉන්න තවත් අපතයෝ සෙට් එක්කක් තමයි මේ සේවයේ ඉන්නේ. වසරකට මේක නඩත්තුවට වැයවන් මහජන මුදලින් 10% ක වත් සේවයක් නොලැබෙන තවත් සුදු අලියෙක් .ඕක ස්මපුර්ණ ප්‍රති සංවිධානය කරන්න 2001 දී රනිල් පටන්ගත්ත . එතකොටම මෙලෝ වැඩක් නොකළ චන්ද්‍රිකා එක මුළුමනින්ම බකල් කලා . එදා එකට හුරේ දාපු උන් දැන් කනෝ කනෝ කියල කෑගහපල්ලා . උඹල වගේ කුහකයින්ට ඔහොම වෙන්නම ඕන .
මේක තමයි 76 වසරක සාපය! වැඩ නොකරන වෘත්තීය සමිති හැදුවා! දැන් කෙදිරි ගානවා!
ගුඩ් මෝනින් මහත්තයෝ, කාටද ඔයා බොරු කියන්නේ? බොරැ කියලා මිනිස්සු රවට්ටන්න එපා. කරනවා නම් හරිහැටියට පරීක්ෂණ කරන්න.
රියදුරන්ගේ හිඟය කෙසේ වෙතත් වෘත්තිය සමිතිවලට ඇති බය නිසා. ජනතාව තඹ සතේකට මායිම් කරන්නේ නැති නොසැලකිලිමත්භාවය ඉහවහා ගිය තැනක් විදියට තමයි අපිට දුම්රිය දෙපාර්තමේන්තුව පේන්නේ. හැමදාම පිළී පැනීම්. කිසිදාක වෙලාවට ධාවනය නොවන දුම්රිය ගමන් සේවාව. අකමැත්තෙන් උනත් කියන්න තියන්නේ හදන්න බැරිනම් වහන්න කියලා තමයි. රටට කොච්චර ලොකු සම්පතක් වෙන්න පුළුවන් තැනක්ද? පුරවැසියෙක් විදියට ඇත්තටම කළකිරිලා තියෙන්නේ. මහජන මුදලින් යැපෙන දුම්රිය නිළධාරින් තමන්ග්න් ප්‍රශ්න කරගන්න තමන්ගේ දෙපාර්තමේන්තුවේ සේවාව ගැන. තමන්ගේ සේවා යුතුකම් ගැන.
සෞඛ්‍ය, ගමනාගමන නීතිය, ඛනිජ තෙල් හා ජල හා විදුලි සම්පාදන අධ්‍යාපන රේගු ගුවන් වරාය සහ අනෙක් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වල සේවකයින්ට ස්ට්‍රයික් ප්‍රමාදවීම් අකුරට වැඩ තහනම් කිරිමට පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතුයි
ඉතිං එයා බඩගින්නේ ඕක එලවන්නයැ... බඩගින්නේ ගිහින් කොහේ හරි හප්පා ගත්තොත් එයාම එපාය වගකියන්න..නේ....
කෑම පැකට් එකක් රියදුරාට ලැබිය යුතු නම්, ඇයි ඒක පරක්කු වුනේ කියලා හොයන්නෙ නැතිව ඇයි රියදුරා මුලින්ම වරදකරු කරන්න යන්නේ?
ස්තුතියි Sakra ර, ඔබගේ අදහසට. දැන් පසුගිය ඒවා අමතක කරලා දැඩි තීරණ ගත යුතුයි.
මොකද අනිත් අය මෙන්, හිටන් ජනාධිපති කළා වගේ, ගෙදරින් කෙහෙල් කොලේ ඔතාගෙන බත් ගොට්ටක් අරන් එන්න බැරිද?
එහෙනම් ඉතින් ඕකුන් මගින්ව මැරුවත් මොකුත් කරන්න බැහැනේ...