
(අංජුල මහික වීරරත්න)
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන ඉරිදා(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇත.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා ද දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙි.
දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතව ඇති හෙයින් ඔවුන් කළින්ම අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
රට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.
නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.
කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.
COMMENTS
රටට අනවශ්‍ය සුදු අලියෙක් වූ පළාත් සභා මුලින්ම ඇතුළත් නොකර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ලෙසට නම් කරන්න. අමාත්‍යාංශ 18 ක් නිසා සංචාරක අමාත්‍යාංශයක් වෙනම ඇතිකරන්නේ ඇයි?
පත්වෙන ඇමැති මණ්ඩලය අනුව රටේ අනාගතය තීරණය වෙයි.
අගමැති විතරයි වෙනස? අරගලය අවසන් කළ යුත්තේ මෙම විධායක ක්‍රමය වෙනස් කළ දාටයි. නැතහොත් තත්ත්වය සන්සුන් වූ පසු රාජපක්ෂවරු සහ මෙම ඇමැතිවරුන්ගේ හැසිරීම පරණ තත්ත්වයට පත්වනු ඇති අතර ප්‍රතිසංස්කරණය ඉල්ලූ සියල්ලන්ට වෙනත් රටකට යාමට සිදුවනු ඇත...!
දිනේෂ්ලත් එක්කද මේ ගමන යන්නේ? මේ වෙන දිනෙෂ් කෙනෙක්ද?
මොනවද මේ එකම කට්ටියනේ? මිනිස්සු මේ අය පිළිගන්නේ නෑ...
පත්වෙන කැබිනට් මණ්ඩලයත් පරණ අයම තමයි. වෙනස බැඳුම්කරයා ලොක්කා වෙලා තියෙනවා. ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි...
ඔය නම්කරලා තියෙන අයට අමතරව ඕකට මහින්දවයි, පුතණ්ඩියවයි, බැසිල්වයි, අර මිරිස් කුඩ්ඩවයි දාගන්න ‘‘සර්ව පාක්ෂික‘‘ වෙන්න.
සජිත්, අනුර කුමාර අගමැතිකම ගන්න බැරි නිසාම රනිල් අගමැති වුණා. ඇමැතිකම් එපානම් පඹයින් දාලා හරි රට ගෙනියන්න ඕනෑ නේද? තව පොඩ්ඩක් ඉවසමු. රැල්ලට නොයා...!
දූෂිත දේශපාලුවන් කවුරුවත් කැබිනට්ටුවට ඇතුළත් කර ගැනීම සුදුසු නැහැ.
ප්‍රසන්න රණතුංග? වෙන කවුරුවත්ම නැද්ද? මේ පත්වීම් දෙන්නේ බැසිල්ද?
නියෝජ්‍ය අගමැති වරයෙක් වහාම පත් කරන්න.
දැන් පරණ එපා කරපු මුහුණු ටිකමද ආයේ ගේන්නේ? අම්මපා මොකක්ද මේ පිස්සුව...?
වෙන නම් ඇත්තේම නැද්ද? මේ නම් ටික එවලා තියෙන්නේ මහින්ද කියලා හොඳටම පේනවා. ඩලස්, චන්දිම වීරක්කොඩි, සුසිල්... තව ඕනෑ තරම් උගත් අය ඉන්නවා. අපේ රටට බුදු සරණයි..!
මේ ඇමැති මණ්ඩලය මේ රට හදයි කියලා කිසිම විශ්වාසයක් නැහැ.
රටේ ජනතාව හැමදාම රැවටෙනවා. මයිනන්, කපුටන් තමයි තවමත් ගේම ගහන්නේ. පරණ සෙට් එකම ගේනවා. මේ මජර ක්‍රමයයි ඉවත් කළ යුත්තේ.
මොකක්ද මේ වෙන්න යන්නේ? තක්කඩියන් ටික ආයෙමත්...!