(අංජුල මහික වීරරත්න)
කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබේ.
අයවැය විවාදයේ දී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගයට ලක් කරන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කරුණු විමසන ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නේය.
එවැනි වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීමක් දැයි දැනුම් දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කළ විමසීමේ සඳහන්ය.
කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරයා ඈඳා ගනිමින් පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්න නැගීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් හිතන්නේ බැහැ කියලා තමයි...!
කුම්බලා මාලු කෑවා නම් විඳෝපන් බළලෝ කිව්වාලු. ඔක්කෝටම ඇරලා නාමලත් පරකරලා තමයි ලොක්කා පස්ස බලන්නේ... අනේ ඉතින් ඒ ආදරයට නම් ඇස්වහක්, කටවහක් හෝවහක් වදින්න එපා.
නියම මනුස්සයාගෙන් මතය විමසන්නේ... හැරෙන තැපෑලෙන් අහන්න ඇති මොකක්ද දෙන්න ඕනෙ තීරණය කියලා...