IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාන්තා මළ සිරුරක් කැලණි ගඟෙ පාවෙයි

(නිමන්ති රණසිංහ)

කොළඹ සේදවත්ත කළු පාලම අසල කැළණී ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (19) පෙරවරුවේදී ගොඩගෙන ඇති ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

වයස අවුරුදු 55ක පමණ වන මෙම කාන්තාව වෙළෙදාම් කටයුතු කරන්නියක් බවට සැක කෙරෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

එම මළ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බවත්, මරණකාරිය හැද සිටි හැට්ටයේ රුවු ගෙන සිටි රුපියල් 1200ක මුදලක් ද පොලීසිය සොයා ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මෙම මළ සිරුර ඊයේ (18) රාත්‍රීයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කැළණී ග`ගේ පා වී ගොස් ඇති බවත් පසුව අද (19) පෙරවරුවේදී සේදවත්ත කළු පාලම අසල ගං ඉවුර දෙසට පා වී ඇවිත් තිබූ බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු සිදුකරති.

මේ අතර, තොටලග වික්ටෝරියා පාලම අසලින් ද පිරිමි මළ සිරුරක් සොයා ගත් බවත එය ද දියේ ගිලී සිදුවූ මරණයක් බවත් පොලීසිය පවසයි.



අදහස් (1)

කාන්තා මළ සිරුරක් කැලණි ගඟෙ පාවෙයි

Perera Wednesday, 20 October 2021 12:43 AM

ජිවත් වෙන්න බැරුව සියදිවි නසා ගැනීම් වෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site