IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති

(යොහාන් භාසුර)

දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

‘සිරි දළදා වන්දනා’ ධාතු ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එසේ සඳහන් කළහ.

බෞද්ධයන් දන්න ධාතූන් වහන්සේට ගෞරව කිරීමට පෙළ ගැසී එන මොහොතේදී කිතුණු ජනතාව සහෝදරත්වයෙන් ඔවුන් සමඟ එකතු වන බව ද කාදිනල් හිමිපාණෝ කීහ.

ශ්‍රී ලංකවේ ඉතාමත්ම උතුම් වූ වස්තුවක් වන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහහන්සේ ලංකා පොළවතළය මත වැඩවාසය කිරීම සියලු දෙනාටම ලැබුණු විශාල ආශිර්වායක් බවත් දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවේ රජය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටීම සහ ඒ ඉල්ලීම පිළිගෙන ඒ ආගමික නායකත්වය ගත් ක්‍රියාදාමය අගය කරමින් ස්තූතිවන්ත වන බවත් උන්වහන්සේ පැවසූහ.

අපේ ජාතික සංස්කෘතිය සහ සභ්‍යයත්වය සංස්කරණය වී නිර්මාණය වී ඇත්තේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවලින් ලැබුණු ධර්මතුළින් බවත් රට තුළ සහෝදරත්වය, සාමය, එකඟතාවය සහ ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම්වූ ආභාෂය නිසා එම ධර්මයේ උතුම් බව තව තවත් වැටහෙන බවත් උන්වහන්සේ කීහ.

මෙවැනි උතුම් වස්තුවක් ලැබී ඇති මෙරට ජනතාව මොන ආගම ඇදහුවත් මේ රටේ ඉපදීමට වසනාව ලැබූ අය බවත් ඒ නිසා උද්දාමයට පත් වන අතර මෙරට පොදු උරුමයේ කොඳුනාරටිය වන බුදුදහම ආරක්‍ෂා කරගැනීමට සෑමදෙයක්ම කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

අන්තර් ආගමික සහෝදරත්වය වර්ධය කරන්න වූ මෙම උතුම් අවස්ථාව ගැන සතුටු වන අතර සියලු දෙනාටම අවංක ස්තූතිය පුදකරන බව ද කාදිනල් හිමිපාණෝ වැඩි දුරටත් සඳහන් කළහ.  



අදහස් (3)

කාදිනල් තුමෝ ‘සිරි දළදා වන්දනා’ අගයති

Chandana Fernando Wednesday, 26 March 2025 06:00 PM

ඇත්ත වශයෙන්ම, දළදා වහන්සේට නමස්කාර වේවා..!

:       2       27

Rata Perata Thursday, 27 March 2025 12:41 PM

ඉතාම වටිනා අදහස්

:       0       4

Jayasekara Thursday, 27 March 2025 02:18 PM

ආගමික සහජීවනය විශේෂයෙන් බොදුනු අපේ සංස්කෘතිය බෞද්ධ දර්ශනය ආගමනය ඔබවහන්සේට බෞද්ධ අපේ ප්‍රණාමය

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6045 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 257 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 307 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1231 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site