(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩු පොලු සහ තියුණු ආයුධ රැගෙන පැමිණි විශාල පිරිසක් කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සිටි පිරිසකට පෙරේදා (20) රාත්‍රී සිදුකළ පහරදීමකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොහුවල පොලීසිය සඳහන් කරයි
තමාව ඝාතනය කිරීම සඳහා ඉලක්ක කරගෙන මෙම පිරිස පැමිණ ඇති බව පැමිණිලිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ
එම පිරිස පැමිණෙන අවස්ථාවේදී ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට රැඳී සිටී ව්‍යාපාරිකයා සිය මෝටර් රථය පණ ගන්වා ගෙන එම ස්ථානයෙන් පළා යාම හේතුවෙන් ඔහුගේ දිවි බේරී ඇති අතර ඔහු යටතේ සේවය කරන සේවකයන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇත
මේ වන විට එක් පුද්ගලයෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු ශල්‍යකර්මකට භාජනය කර ඇත
දේපල ප්‍රශ්නයක් මුල් කරගෙන තම මස්සිනා මව සහ සොයුරිය විසින් විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත
තම මස්සිනාගෙන් මේ අයුරින් තමන්ට මරණීය තර්ජන ඇති බවට ව්‍යාපාරිකයා කීප වතාවක්ම පොලිසියට පැමිණිලි කර ඇතිමුත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා නොකර සමථ මණ්ඩලයට යොමුකිරීම හේතුවෙන් තමන්ට දිගින් දිගටම මෙම තර්ජන එල්ල වන බව ව්‍යාපාරිකයා පවසයි.

2025 නොවැම්බර් මස 04
296
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළුබෝවිලදී තිදෙනකුට කඩු පොලුවලින් පහරදීලා