(නිමන්ති රණසිංහ )
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ නාගරික මන්ත්‍රීනී සුරේඛා අබේගුණවර්ධන යන දෙදෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (02) නියෝග කළේය.
මරදාන පාර කොළඹ 10 පදිංචි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන මෙම සැකකරුවන් දෙදෙනා පියා සහ දියණිය වන බව ද කුරුදුවත්ත පොලීසිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය .
කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවක දී පැවැති අතර ඡන්ද විමසීමෙන් අනතුරුව එම නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට පෙරේදා (31) පෙරවරුවේ මිරිස් කුඩු මිශ්‍රිත කුණු බිත්තර ප්‍රහාරය මෙම සැකකරුවන් විසින් එල්ල කරනු ලැබ ඇතැයි ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොළඹ මහ නගර සභා කුණු බිත්තර සිද්ධියේ මන්ත්‍රී තාත්තයි දුවයි රිමාන්ඩ්