IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ගය.

Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 4 ය යැයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ. සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (6)

කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා

Perera Thursday, 06 October 2022 08:23 AM

දම්මිකයා ඔහොම පැනියක් හැදුවානම් 225 න් බොහෝ දෙනෙක් අද නැහැ

:       1       6

Heyshan Thursday, 06 October 2022 09:36 AM

කරුණාකර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම්වල තත්ත්ව විගණනය කරන්න.සමහරුන් Gmp සහ QMS ප්‍රමිතීන් සහ බයිපාස් ද අනුගමනය නොකරයි

:       0       7

jayath Thursday, 06 October 2022 10:16 AM

ඕවා ගැන කතා කරලත් කමෙන්ට් කරලත් පලක් නැහැ .මෙහෙත් ඔය spc කියා කියා විකුණන බොහොමයක් වල තත්වය ගැන සහතිකයක් නැහැ. ඕන දහජරාවක් මේ රටට ගෙන්වන්න "ක්‍රම සහ විදි " තියනවා. බ්‍රෑන්ඩඩ් මෙඩිසින් ගන්න බැරි අහිංසක මිනිස්සු ( බොහෝ වේලාවට ප්‍රෙස් ක්‍රිප්ෂන් එකෙනුත් භාගයක් ) බොනවා කිසිම වැඩක් නැහැ. බොරුවට සේනක බිබිලේ ප්‍රතිපත්තියක් ගැන බෙරිහන් දෙනවා

:       0       8

Sunil Thursday, 06 October 2022 10:24 AM

ධම්මික පැනිය වත් ඉන්දියාවට යැව්වාද ?

:       1       3

මැක්ස් Thursday, 06 October 2022 02:35 PM

මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ලංකාවෙත් සිදු වන තුරු බලා සිටින පිරිසකුත් නැතුව නෙවෙයි. ගණනින් 3% ක් විතර.

:       4       1

Dilum Nalinda Thursday, 06 October 2022 07:02 PM

අප රට තුළ මෙම ඖෂධ බාවිතා කරනවද ගැන පරීක්ෂණ කළයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site