(නිමාලි කහවල)
කසිප්පු පැකට්ටුවක් රැගෙන එන ලෙස තම බාලවයස් දරුවාට කළ නියෝගය දරුවා විසින් පැහැර හැරියාට පාසල් වියේ පසුවන තම දරුවන් තිදෙනාගේම පාසල් පොත් සහ ඇදුම් නිවෙසින් පිටතට දැමූ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය, රයිගම්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි තිදරු පියෙකි.
මෙම පුද්ගලයා විසින් තමන්ට සිදුකරන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් මින්පෙර ඉංගිරිය පොලිසියේ පැමිණිලි හතක් ගොනුකර ඇති බවත්, පසුව එම පැමිණිලි සියල්ලම සමාදානව ඇති බවත් විමර්ශන වලදී හෙළිව තිබේ.
සැකකරු විසින් දීර්ඝ කාලයක සිට වයස අවුරුදු 9, 11 සහ 13 වියෙහි පසුවන තම දරුවන්ට කියා මත්පැන් පැකට් රැගෙනවිත් ඇති බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සැකකරුගේ දරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකු පිරිමි දරුවන් බවත්, නීතිවිරෝධී මත්පැන් රැගෙන ඒම සඳහා වැඩිවශයෙන්ම බලපෑම් සිදුකරනු ලබන්නේ එම දරුවන් දෙදෙනාගෙන් 11 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවාට බවත්, ඔහු පාසල් යෑමට ප්‍රථම සැකකරුට කසිප්පු පැකට්ටුවක් මිලට ගෙනවිත් දීම සිදුකළ යුතු බවත් අනාවරණය වී ඇති බව පොිලිසිය කියයි.
සැකකරුගේ බිරිඳ විසින් මින්පෙර පොලිසියේ ගොනුකළ පැමිණිලි හතම ඇය විසින් සමාදානව ඇත්තේද සැකකරුගෙන් ඇයට එලෙස සිදුකරන ලෙස පවසා සිදුකළ දැඩි බලපෑම් මත බවත් පොලිසිය සැකකරයි.
සැකකරුගේ නිවසට නුදුරින් පිහිටි තවත් නිවසකින් මෙලෙස නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන ඒමට සිය දරුවා යැවීම පිළිබඳ දරුවන්ගේ මව සැකකරුට එරෙහි වුවද ඒ සියළු අවස්ථාවන්හිදී සැකකරු විසින් බිරිඳට බැණ පහරදී අඩම්තේට්ටම් සිදුකරන බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇති අතර, මෙම සිදුවීම සිදුවූ දිනද එලෙසින් මව විරුද්ධවීම හේතුවෙන් දරුවා කිසිප්පු රැගෙන ඒම ප්‍රතික්ෂේප කිරීම නිසා දැඩි සේ උරණ වූ සැකකරු විසින් දරුවන් තිදෙනාම ඔවුන්ගේ ඇඳුම් සහ පොත්පත් සමඟින් නිවසින් එළියට දමා ඇති බව පොලිසිය කියයි.
මෙහිදී හඬා වැළපෙමින් සිටි දරුවන්ද සමඟ ඔවුන්ගේ මව ඉංගිරිය ප්රාැදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිදුවූ අසාධාරණය පවසා ඇති අතර, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය හරහා ඉංගිරිය පොලිසිය වෙත සිදුකළ දැනුවත් කිරීමත් සමඟ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මෙම පැමිණිල්ලත් සමඟ ස්ථානාධිපති ප්රවධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්රණලාල් මහතාද සමඟින් එදිනම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක රේණුකා, සැරයන්වරුන් වන (42933)රාමනායක, (41103)ශාන්ත සහ කොස්තාපල්වරුන් වන (96284)ගාමිණී හා (49728)ගුණවර්ධන ඇතුළු නිලධාරීන් විසින් රයිගම්වත්ත ප්ර්දේශයම ආවරණය වන පරිදි සිදුකරන ලද පුළුල් මෙහෙයුමක් අවසානයේදී පෙරීමේ උපකරණ රාශියක් සමඟ නීතිවිරෝධී මත්පැන් බැරල් හතකුත්, සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සියල්ල රයිගම්වත්ත ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර, පෙර සඳහන් කළ සැකකාර පියා විසින් සිය දරුවා ලවා මිලට ගෙන ඇත්තේද ඉහත සැකකරුවන් සිව්දෙනා නිෂ්පාදනය කර බෙදාහරින ලද නීතිවිරෝධී මත්පැන් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.
ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා
ආච්චි Monday, 03 April 2023 02:05 PM
සුදු ළමයින්ටත් එහෙම කියන හැටි.... හැබැයි මේ දෙන්නා නම් තාත්තලා දෙන්නෙක්ගේ. ඔය කිව්වට ඒකෙත් කොනක් ගෑවිලා ඇති මේ සිද්දියට...
Jaya Monday, 03 April 2023 02:09 PM
වැඩේ කියන්නේ මේ සිද්ධිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැනුවත් කරනකම් පොලීසියට බැරි වුණාද වැටළීමක් කරන්න...?
කනක්කපුල්ලෙයි Monday, 03 April 2023 03:45 PM
පොලිසියේ මහත්තුරුන්ට කසිප්පු අල්ලන්න වෙලාවක් කොහෙන්ද? මුල් පැමිණිල්ල බිරිඳ පොලිසියේ දානකොට බැලුවේ නැද්ද? කොහෙන්ද මේවා ගේන්න කියන්නේ කියලා පොලිසිය විමර්ශනය කරලා බලලා ඔවුන් අල්ලන්න තිබුණානේ... ප්‍රාදේශීය ලේකම්ම පොලිසි යන්න ඕනේ මේ වැටලීම කරන්න....
dhamneth Tuesday, 04 April 2023 11:28 AM
දරුන්වගේ අවශ්‍යතාවලට මුල්තැන නොදී මත්පැන්වලට ගිජුවෙලා තමන් උපයන මුදලින් වැඩි හරියක් මත්පැන්වලට විනාශ කරන තාත්තලා නිසයි මන්දපෝෂණයෙන් අගහිඟකම්වලින් පෙලෙන දරුවන් වැඩිවෙලා තියෙන්නේ