(අංජුල මහික වීරරත්න)
බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත යාවත්කාලීන කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා වශයෙන් පසුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නිසා සූදූ සහ කැසිනෝ ව්‍යාපාරිකයින්ට මෙලෙස රිදී තිබෙන බවද රංගේ බණ්ඩාර මහතා කීය.
ඇමති ධුරයේ දිව්රුම් දී සතියක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස පැවසීමට ධම්මික පෙරේරා මහතාට ඇති පදනම කුමක්දැයි විමසූ රංගේ බණ්ඩාර මහතා අගමැතිවරයා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන විට යම් යම් අයගේ යටි බලාපොරොත්තු සුන් වී කොනිත්තන්නට හදන බවද කීය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාප මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි?
Buddika Thursday, 07 July 2022 05:26 PM
එයා කැසිනෝ කාරයෙක්නේ... දැන් ලොකු ටෝක් දුන්නට... මහා පරිමාණ ටැක්ස් වංචා වසර ගාණක ඉඳලා කළා නේද? කොහොමත් රනිල්, ගෝඨාභය, ධම්මික ඇතුළු මේ ආණ්ඩුවම යා යුතුමයි.
chandima Thursday, 07 July 2022 06:46 PM
අම්මට උඩි. ලොක්කගෙ පිනට අගමතිකම ලබුනාම, ආවතේව කාරයොනෙ රජවෙලා ඉන්නෙ?
chandima Thursday, 07 July 2022 08:17 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමැතිවරු කෑගහනකොට රාළහාමිට රිදෙන්නේ මොකද?
සෙනෙවිරත්න Friday, 08 July 2022 07:00 AM
අපට මොකද කියන්නෙ? නායකය ඕකට කරගැහුවෙ ධම්මිකට බයේද? නායකතුමාට කියන්න රාජපක්ෂ පිළිකාව තියෙන තුරු රටටත් වෙන කිසිම නායකයෙකුටවත් හරියට වැඩ කරන්න නොහැකි බව.