IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් එන්නත  ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා  කොවිඩ්  රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය  ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

එමෙන්ම එන්නත ලබාගෙන සිටියදී  කොවිඩ්  වැලඳුණු අයට  ( පසු කොවිඩ්  තත්ත්වය)   හතිගතිය, අමතකවීම වැනි රෝග ලක්ෂණ  මතුවීමද   පස් ගුණයකින් පමණ අඩු බව   ඇය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය මගින්  ප්‍රසිද්ධ කෙරෙන   ඖෂධ වර්ග ලබාගැනීම භයානක බවද  විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.



අදහස් (5)

කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

max Saturday, 05 February 2022 11:50 AM

ඇත්ත වශයෙන්ම මේකටත් අපේ මිනිස්සු දේශපාලනය ගාගෙන තියෙන්නේ. විපක්ෂය ප්‍රචාරය කරනවා.. එන්නත ගත්තොත් නොයෙක් ප්‍රශ්න කියලා. මුලදී කිව්වේ එන්නත් ගෙනෙන්නේ නෑ කියලා. ගෙනැල්ලා දෙන්න යනකොට කට කතා හදනවා ඒක හොඳ නෑ කියලා. සමාජ මාධ්‍යයේ ඉන්න පණ්ඩිතයින් ඒ කතාවලට අත්තටු දෙනවා. දොස්තරවරුත් ඒ අතර ඉන්න බව මා පුද්ගලිකව අත්විඳි කාරණයක්... GMOA දොස්තර නෝනා මහත්තුරු ඒක තමන් ළඟට එන රෝගීන්ව මේ සම්බන්ධයෙන් මීට වඩා දැනුම්වත් කළොත් හොඳයි නේද..?

:       11       31

මොට්ටපාල Sunday, 06 February 2022 08:27 AM

මැක්ස් තමුන් කියනවා ගෙනැල්ලා දෙනකොට කියනවා ඒක හොඳ නැහැ කියලා... එහෙනම් මේකට උත්තර දෙන්න. හිතන්න තමුන්ට මුදල් තියෙනවා බිරිඳ කියනවා මට බබා ලැබෙන්න රෝහල් යන්න පෙර වාහනයක් ගන්නම ඕනෑ කියලා. තමුන් කාරයක් නොගෙන ත්‍රිරෝද රථයක් ගේනවා... බිරිඳ කියනවා මේක හරි නැහැ කියලා. එන්නත් සඳහා ගේනදේත් එහෙම වුණාම හරිනැහැ කිව්වාට වරදක් තියෙනවා කියන්නේ කොහොමද?

:       1       1

Krishan Saturday, 05 February 2022 01:06 PM

ඔය කියන වෛද්‍යතුමිය පළමු එන්නත් දෙක නිසා අංශභාග තත්වයට පත්වූ අයට, අක්මා රෝගීන් බවට පත්වූ අය ගැන මොකද කියන්නේ...? මොකක්ද දෙන පිළිතුර..? මම ඔය දෙවන එන්නතින් පස්සේ අක්මා රෝගියෙක් වුනේ මහාචාර්ය වෛද්‍යවරුන් කළහැකි පරීක්ෂණ ලක්ෂ ගාණක් වියදම් කරලා කිව්ව විදියට පෞද්ගලික රෝහලක කළා. අවසානයේ බෙහෙත් නැහැ, විටමින් එකක් විතරයි දුන්නේ... ඒකත් මාස තුනක් බොන්න කියලා දවසක් හැර දවසක් පාලනය පමණයි තියෙන්නේ... එතකොට කොරෝනාවෙන් බේරෙන්න එන්නත් ගත්තා. අවසානයේ ජීවිත කාලයේම විඳවන්න ලෙඩක් ලැබුණා. අරක්කු, සිගරට් බීලා හැදුණා නම් සාධාරණයි... නන් ඇල්කොහොල් කියලා කිව්වේ එන්නතේ හොඳකම...

:       9       14

Ruwan R Saturday, 05 February 2022 02:45 PM

ඒ කියන්නේ සමස්ත අතුරු ප්‍රතිඵල බලපෑම්වලින් 20%ක ප්‍රබලත්වයක්... එන්නත මගින් ඇතිවීමට ඉඩ තිබෙනවා. ගැටළුව තියෙන්නේ මෙම එන්නතේ නෙමෙයි. අපි අපේ දේවල් (හෙළ වෙදකම, ආයූර්වේද ඖෂධ) අමතක කිරීම.. අපේ උගතුන් සමීක්ෂණ කරනවා වෙනුවට පරීක්ෂණ කරනවා නම් අලුත් ඖෂධ හොයාගන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය අපේ රටේ ඕනෑතරම්...!

:       4       14

sharm warn Monday, 07 February 2022 10:20 AM

මේ ගොල්ලන්ගේ කතාත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කතා වගේ තමයි. අතට ලැබෙන ගාණ අනුව කතා කරනවා. හරියට දත්ත, තොරතුරු නොදී කට වචනෙට කියන ඒවා අපිනම් පිළිගන්නේ නැහැ. මොකද ලංකාවේ ගොඩක් තොරතුරු කටවචනෙට කියන ඒවා විතරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site