IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්

කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතී.ඒ දිනෙන් දින ආසාදිත ලැයිස්තුවට වාර්තාවෙන තුන්දහස ඉක්මවූ රෝගීන්ගෙන් සහ මරණ ප්‍රතිශතය අලුත් වෙමින් 150ට අධිකව ගොඩ ගැසෙන කොරෝනා මරණත් සමගිනි.

රෝහල් කිහිපයකම ධාරිතා මට්ටම පසුකර ඇති මෙවන් මොහොතක කෙසේ හෝ තත්ත්වය මර්දනය උදෙසා දිවා රෑ නොබලා වෙහෙස වීමට ⁣සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වැඩපිළිවෙළක්ද ඉකුත් සතියේ සිට ක්‍රියාත්මක කෙරිණි.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතා වැදගත් කරුණකි. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකේ. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්ත්වයක් නොවේ.

යම්කිසි කෙනෙක් නිවෙස් ගත කොවිඩ්-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු යොදනු ලැබේ.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කර ගත හැකියි.

ඒ අනුව සෑම පැය 2 කට වරක් ම...,

⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)

⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,

⦾ විනාඩි 20-30 වාඩි වී ද,

⦾ විනාඩි 20-30 වම් ඇලයට ද , ස්ථානගත වීමෙන් මෙම අපහසුතාව අවම කර ගත හැකි වනු ඇත.

මෙය ලොව පුරා කොවිඩ් - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන රෝගීන් සඳහා භාවිත වන , ස්වසන අපහසුතාව අවම කරගැනීමට උපකාරී වන එක් සරල ක්‍රමෝපායකි.

එහෙත් මෙහිදී වඩාත්ම අවධාරණය කළ යුතු සහ මතක තබා ගත යුතු වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස්වලට අනුකූල වෙමින් රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතාවලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අනවශ්‍ය ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා නිවසට වී සුරැකිව සිටීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැලකිලිමත් වුවහොත් සැමටම සුබදායී කාලයක් යළිඳු උදාවනු ඇත.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

-සටහන- මාධවී ධර්මරත්න.

 



අදහස් (0)

කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 823 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 952 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site