
අත්‍යවශ්‍ය දෑ මෙන්ම ආහාර පාන මිල ගණන්ද ඉහළ ගොස් ඇති සමයක නිරෝගීව සිටීමට අපි පෝෂණීය ආහාර වේලක් ගත යුතුයි. එම ආහාර වේල ඉහළ මිල ගණන් යටතේ නොව ලෙහෙසියෙන් වත්ත පිටියෙන්ම සොයා ගත හැකි දෑවලින් සපුරා ගත හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද?
කොස්වලින් ආහාර වර්ග 200ක්
එවන් පෝෂ්‍යදායී ආහාරයක් ලෙස මේ දිනවල සුලබව දැකගත හැකි කොස් හැඳින්වීමට පුළුවන. කොස්වලින් රසවත් වෑංජනයක්, කොස් තම්බා ආහාරයට ගැනීම, කොස් මැල්ලුම සේම කොළ කැඳ ලෙසත් ,දලු සම්බෝලයක් පරිද්දෙනුත් ආහාරයට ගත හැකියි. මෙවැනි ආහාර අතිශය ගුණදායී මෙන්ම සිරුරේ මනා ක්‍රියාශීලීත්වයටද ඉතා අවශ්‍ය වේ. ඛනිජ, විටමින් පදාර්ථ නොඅඩුව ලැබේ. කොස්වලින් ආහාර වර්ග 200ක් පමණ සාදා ගත හැකියි.
එසේම ආහාර කල්තියා ගැනීමේ ආරක්ෂිත ක්‍රමවේද ගැනත් ඔබ දැනුම්වත්ව තිබීම අදවන් ආහාර අර්බුද කාලයකට හොඳින්ම ගැලපේ.
කුඩා බිම්කඩක වුවත් වගා කරන්න
කුඩා ඉඩ කොටසක වුවද වගා කළ හැකි වන පරිදි ඔබ සුළු හෝ උත්සාහයක් ගන්න.
නිවසට වෙළෙඳපොළෙන් එළවළු රැගෙන ඒමේදී එළවළු ඇට,අපතේ නොයවා කුඩා බඳුන්වල සිටුවා ගත හැකියි. උදාහරණයක් ලෙස තක්කාලි, මාළු මිරිස්,බණ්ඩක්කා සඳහන් කළ හැකිය. වස විසෙන් තොරව ගෙවත්තෙන් ලබා ගන්නා එළවළු පෝෂණ ගුණයෙන්ද අනූනයි.
ආහාර නිසි කළමණාකරණය
අපගේ පරිභෝජනයට සෑහෙන පමණ ඇති ස්වාභාවික ආහාර නිසි විදිහට කළමණාකරණය, මෙන්ම ආරක්ෂිතව කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කළහොත් දිනෙන් දින ඔඩු දුවන ආහාර අර්බුදයට පිළියමක් සේම සිරුරේ ප්‍රතිශක්තිය නැංවීමටද හැකි වනු ඇති. ආහාර මිල ඉහළ ගොස් ඇති මෙවන් වකවානුවක ආහාර අපතේ නොයවා ගුණදායී බවින් යුත් නැවුම් ආහාර පාන පරිභෝජන රටාවකට හුරු වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලෙට ඔබින සෞඛ්‍යමත් ආහාර