
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිල සංශෝධනයේදී කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
විදුලි බිල ජනවාරි මස 17 රාත්‍රී 12.00 සිට අඩු කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කරලා විතරක් මදි. ලොකු පොඩි ඔක්කොම හෝටල් වල ගණන් ඔය හා සමගාමීව අඩු කරන්න. නැත්නම් මේකෙන් ඒ ගොල්ලෝ අධික ලාභයක් අරගන්න එක විතරයි වෙන්නේ...!
මොනවා අඩුකළත්, මේ රටේ වැඩිවූ කිසිම දෙයක් අවසන් පාරිභෝගිකයාට අඩු කරලා දෙන්නේ නැහැ..හොඳම උදාහරණය බිත්තර... රුපියල් 60ක් තියෙද්දී කෙටිකෑම ගැනම තමයි. ගෑස් 4500ට තිබ්බ කාලේ කෑම ගානම තමයි 3200ට අඩු වුණත්...
අඩු කරන මිලෙහි වාසිය මෙතෙක් බැට කෑ මහජනයාට ලැබෙන සෘජු නියාමනයක් සඳහා රජය මැදිහත් වුනොත් මෙයින් සෙතක් වේවි. නැත්නම් හැමදාමත් වගේ මුදලාලිලා ටිකට දෙන පිදවින්නක් වේවි...!
පොදුවේ පාරිභෝගිකයන් අදාළ නොවුණත් අවම වශයෙන් සංචාරක හා අපනයන ක්ෂේත්රයටවත් මේ වාසිය ලැබිය යුතුයි. ඒ මක්නිසාද යත් තව වසර කීපයකින් (2028) අපට මුහුණ දීමට සිදුවන්නේ විදේශ විනිමය ප්‍රශ්නයකට බැවින්...