IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කර්මාන්තකරුවන්ගේ දේපළ හාරසියයක් වෙන්දේසි කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ණය නොගෙවූ  දේපළ පවරා ගැනීම පිළිබඳ පරාටේ නීතිය යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ  අත්පත්කර ගැනීම් සහ  වෙන්දේසි කිරීම්  හාරසියයක් මේ වසරේ පළමු මාස හතරේදී සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

මෙය කනගාටුදායක තත්වයක් බව පැවසූ විපක්ෂනායකවරයා මේ පරාටේ  නීතිය රටේ ආර්ථික තත්වය ගැන සිතා  තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

එම නීතිය යුගයට සරිලන පරිදි වෙනස් කළ යුතු බවද ඔහු  සඳහන් කළේය.

ඉහළ  බැංකු පොළිය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි පීඩනයට පත්ව සිටින බවත්  ඒ ව්‍යාපාරිකයන්ගේ ණය යම් මට්ටමකට කපා හැරීමට යෝජනා කරන බවත් විපක්ෂනායකවරයා කීවේය.

ලීසිං කොම්පැණිකරුවන් අනීතිකව වාහන ඉස්සිම  වැඩිවී ඇතැයිද මෙය අශෝභන වාහන මංකොල්ලයක් යැයිද   ඔහු පෙන්වා දුන්නේය.

ආයෝජන ව්‍යාපෘති සඳහා යෑමට බාධාවක්වී ඇති ලක්ෂ පහේ සීමාව ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත කඩා වැටෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඇඟලුම් ඇණවුම්  කලට වේලාවට සපුරා දීමට  නොහැකිවී ඇති බවත්  කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

කර්මාන්තකරුවන්ගේ දේපළ හාරසියයක් වෙන්දේසි කරලා

fairoos Wednesday, 07 June 2023 02:15 PM

අදහස නම් හොඳයි... ඒත් මේ කාලකණ්ණි ආණ්ඩුවෙන් කිසිම වැඩක් නැහැ.

:       2       1

කෝරළගේ Wednesday, 07 June 2023 03:57 PM

ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. මේ දුර්දාන්ත තක්කඩි ආණ්ඩුව ගෙදර එලවන දවස වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඔක්කෝම වැහිලා දසලක්ෂ ගණන් රස්සාවන් නැතිවෙලා කර්මාන්තකරුවන් වහබොන තත්ත්වයට පත්වෙලා තියෙයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site