(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවට ආධාර අනුබල දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනමට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මහතාට අයත් රුපියල් මිලියන අසූවක මුදලක් වංචා කළැයි මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කර තිබිණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂිකා ජානකීට ඇප
ජගත් ලියනගේ Tuesday, 06 December 2022 03:56 PM
එහෙම කරන්නේ නැතුව කොහොමද. එයාගෙ බේබි හුරතල් කරන්න තියනවා නේ.
senaTuesday, 06 December 2022 05:01 PM
නැතුව නැතුව ඇප මුදලින්ම ඒක තේරෙනව.
ravin Tuesday, 06 December 2022 05:12 PM
ඇප නොදුන්නා නම්? ගොතන ලද පරම්පරා උරුමයන් හා කුණු? ඉතිරි ටික කාටකාටත් හිතාගත හැකිවේවි..!