ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයකු වන වෛද්‍ය ෂෂාන්ක් ජෝෂී එන්.ඩී.ටීවී. පුවත් සේවයට පැවැසීය.
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද 240ක් හමු වී ඇති බවත් ඉන් බොහෝමයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව, කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රජාව තුළින් වයිරසය ආසාදනය වෙනවා යන්න ‘‘මිත්‍යාවක්’’ බවත් එසේ ප්‍රජාව තුළින් වයිරසය ආසාදනය නොවීමට නම් සමස්ත ජනගහනයෙන් සියයට 80ක පිරිසකගේ ශරීර තුළ ප්‍රතිදේහ තිබිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සංගමයේ (ඕල් ඉන්දියා ඉන්ස්ටිටුයිට්ස් ඔෆ් මෙඩිකල් සයන්සස්) අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා පැවැසීය.
මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති නව ප්‍රභේද, කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා භයානක සහ සම්ප්‍රේෂණය වැඩි එනම් ව්‍යාප්තිය වැඩි ප්‍රභේද යැයි ද හෙතෙම කීය. මේ හමු වී ඇති නව ප්‍රභේදවලින් ඇතැම් එවා වයිරසය ආසාදනය වී සිරුරේ ප්‍රතිදේහ සංවර්ධනය වූ අයට ද නැවත වයිරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම කීය.
ඉන්දියාව මේ වනවිට එරට එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මුල් පෙළ සිටින සේවකයන් කෝටි තුනකට එන්නත ලබා දේ. ඉන් අනතුරුව අවුරුදු 50ට වැඩි සහ අවදානම ඇති කෝටි 27කට එන්නත ලබා දේ.
මේ තිබෙන තත්ත්වය පහසුවෙන් සැලකිය නොහැකි බවත් වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම යනාදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් දිගින් දිගටම පිළිපැදිය යුතු බව ද හෙතෙම කීය.
ඊට අමතරව ඉන්දියාව පරීක්ෂණ, ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සහ ආසාදිතයන් හුදෙකලා කිරීම සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු යැයි ද ඔහු කීය.
එමෙන්ම එන්නත්කරණ වැඩසටහන ද අඛණ්ඩව පවත්වාගෙන යුතු බව වෛද්‍ය ගුලේරියා වැඩිදුරටත් කීය.
එන්.ඩී.ටීවී. සහ ඉන්දීය මාධ්‍ය ඇසුරිනි
055
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන්