
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත
මෙම සැකකරු දේවාලයේ කපු රාජකාරියේ යෙදී සිටින අතරතුර විටින් විට කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙන් සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී යතුරුපැදියෙන් ගොස් මත්කුඩු හා මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙනවිත් පානය කර ඇති බවත් තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කපුවා කුඩු සමග මාට්ටු
මහසෙන් Thursday, 01 June 2023 08:24 AM
'කපුවා කපෝති'
Bunny Preena Thursday, 01 June 2023 10:58 AM
කපුවා විතරක් නොවෙයි කපුවාගෙ පිහිට පතාගෙන දේවාලයට එන " අසරන බැතිමතුනුත් " කපෝති.