IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කැපවී හදවතින් -සියලු හදවත් සුවපත් කරමු

‘කැපවී හදවතින් -සියලු හදවත් සුවපත් කරමු‘ යන තේමාව රැගත් ලෝක හදවත් දිනය මේමස 29 වැනිදාට යෙදී ඇත. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.

වසරකට ලෝකය පුරා මිලියන 18කට අධික පුද්ගල මරණ සිදු වීමේ හේතු කාරකය වනුයේ හෘදය හා ඒ ආශ්‍රිත රෝගාබාධයි. එනම් හෘදයාබාධ, අධික රුධිර පීඩනය, ආඝාතය හෙවත් අංශභාගය වැනි රෝගාබාධ නිසා සිදුවන මරණ වේ.මෙකී රෝග බොහොමයක්ම ගතහොත් අපි නිකරුණේ වැළඳ ගන්නා රෝග වීම කනගාටුදායක පුවතකි. මේ හදවත් රෝග නිසා ලෙඩ වන්නේ ඔබ පමණක්ද? අන් හැමටම වඩා ඔබ ආදරය කරන ඔබේ ආදරණීයන් , පවුලේ සාමාජිකයන් කෙතරම් දුකට පීඩාවට පත්වනවාද? දැන්වත් මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදීමට කාලයයි.

හදවත් රෝගවලට ගොදුරු වන්නේ කොහොමද? මේ රෝගාබාධ වැළඳෙන්නේ වයසට පත්වනවිටද ?

ස්වාභාවිකත්වයෙන් මිදුණු අහිතකර ආහාර රටාව නිසා ඉතා අඩු වයසින් වුවත් හදවත් රෝග වැළඳීමට පුළුවන.

ඒ වෙනුවට ලුණු, තෙල්, සීනි, රසකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු ආහාර අපි දෛනිකව අනුභව කිරීමට පෙළැඹීම.

කාර්යබහුල ජීවන රටාවක් ගත කිරීම හේතුවෙන් ව්‍යායාම මඟ හැරීම,

දුම්පානය, මත්පැන් පානය වගේම වායු දූෂණය මීට හේතු වේ.

මෙම රෝගවලට අඩිතාලම වැටෙනුයේ පුද්ගලයකු කුඩා කල සිටමයි. වයස අවුරුදු 30,40 වනවිට රෝග ලක්ෂණ මත වුවද රුධිරවාහිනි පද්ධතියේ වෙනස්වීම් සිදු වන්නට පටන් ගන්නේ කුඩා අවදියේ සිටමයි. ලුණු අධික ක්ෂණික ආහාර, රෝල්ස්, පැටිස්, පිට්සා ,කොත්තු ආදියට කුඩා කල සිට හුරු කළහොත් ඒ නිසාම රුධිර වාහිනී තුළ ජලය රඳන ප්‍රමාණය වැඩි වී රුධිරයේ පරිමාව වැඩි වේ. ඊට අනුවර්තනය වීම සඳහා රුධිර වාහිනී පටු වීම මෙන්ම ලුණු නිසා ප්‍රදාහයන්ටද ලක්වේ.මේ තත්ත්වය කුඩා කල සිට ඇති වුව හොත් තරුණ වියට පත් වන අවස්ථාව වනවිට අධික රුධිර පීඩනයට ඒ නිසාම හෘදයාබාධවලට , අංශභාගයට ගොදුරු වීමේ අවදානම වැඩිවේ.

එමෙන්ම තෙල් අධික ආහාර ගැනීමෙන් මෙන්ම සත්ව ආහාර අධිකව ගැනීමෙන් සන්තෘප්ත මේදය වැඩි වී කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමට අවදානම වැඩි වේ. එවිටද රුධිර වාහිනී ඝන වීම්, පටු වීම් මෙන්ම ඇදෙන සුළු ගතිය අඩු වීමෙන් රුධිර පීඩනය ඉහළ යයි. එමෙන්ම රුධිරය කැටි වීමට හැකියාවක් ඇති අතර එම රුධිර කැටියක් හෘදයට රුධිරය සපයන නාලයක ( කිරීටක නාලිකාවක) හිර වීමෙන් හෘදයාබාධයක් ඇතිවිය හැකි අතර මොළයේ රුධිර නාලිකාවක හිරවුවහොත් අංශභාගය හෙවත් ආඝාතය ඇති වේ.

එමෙන්ම සීනි , පිටි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් මෙන්ම ක්‍රියාශීලී නොවීමෙන් ශරීරයේ බර වැඩි වීමෙන් හෝ තරබාරු වීමෙන් මෙම අවදානම තව තවත් වැඩි වේ. මේ සියල්ලේම ප්‍රතිඵලය වන්නේ හෘදය හා රුධිර වාහිනී ආශ්‍රිත හෘදයාබාධ, අධික රුධිර පීඩනය , අංශභාගය වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමයි.

එමෙන්ම මත්පැන් පානය, දුම්පානය මෙම අවදානම තව තවත් ඉහළ දමයි. එබැවින් අප අවබෝධ කර ගත යුත්තේ අපේ ජීවන රටාව, ආහාර රටාව, ව්‍යායාම මඳකම යන සියල්ලේ එකතුව අපව හදවත් රෝගීන් බවට පත් කරන බවයි. මෙකී මූලාශ්‍ර ගැන ඔබ මෙන්ම පවුලේ සාමාජිකයන්ද දැනුම්වත් වුවහොත් ඒ අනුව ක්‍රියාකාරී වුවහොත් මෙකී අවදානමෙන් මිදීමට මෙන්ම රෝග ඇති වීම පාලනය කිරීමටද හැකි වේවි.

ප්‍රථමයෙන්ම ඔබ හදවත් රෝගියකු නොවීමට වගබලා ගන්න. දෙවැනුව ඔබගේ ආදරණීයන් හදවත් රෝගීන් නොකිරීමේ වගකීමද ඔබ සතු වන බව සිහියට ගන්න. මවක්, බිරිඳක්, ගෘහණියක් ලෙස ඔබේ පවුලේ හදවත් රැක දෙන්නට ඔබ ක්‍රියා කළ යුතු වේ. ඒ සඳහා ඔබට පහත සඳහන් උපදෙස් පිළිපැදිය හැකියි.

හෘදයාබාධවලින් තොර නිරෝගී ජීවිතයක් සඳහා

ලුණු, තෙල්, සීනි අධික ආහාර භාවිතය හැකිතාක් දුරට අඩු කිරීමට වගබලා ගන්න.

ආහාර පිළියෙළ කිරීමේදී එක් පුද්ගලයකු සඳහා නිර්දේශ කරන්නේ දිනකට ලුණු තේ හැඳි 01 ( ග්‍රෑම් 05) ප්‍රමාණයකි. බත් පිසින විට ලුණු එකතු නොකරන්න.

දිනකට පුද්ගලයකු සඳහා නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 06ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි. බිස්කට් වර්ග,කේක් වර්ග ,පැණි බීම ,රස කැවිලි හැකිතාක් සීමා කරන්න.

මස් වර්ග, සත්ව ආහාරවල සන්තෘප්ත මේදය අඩංගු බැවින් ඒවා හැකිතාක් සීමා කරන්න.

ආහාර මිලදී ගැනීමේදී පැකට් කළ ආහාර පැකැට්ටුවේ ඇති වර්ණ සංඥා ගැන සැලකිලිමත් වන්න.

රතු, කහ සහ කොළ වර්ණයෙන් සටහන් කර ඇති තෙල්, ලුණු, සීනි ලාංඡනයේ රතු පැහැති එක් කොටුවක් හෝ තිබේනම් එම ආහාර නිතර ගැනීමෙන් ඉතා වැඩි අවදානමක් අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ දියවැඩියාව ඇති වීමට තිබෙන බව අවබෝධ කොට ගන්න.

එබැවින් එම ආහාර මිලදී ගැනීම හැකිතාක් සීමා කරන්න. රතු ලේබල් එකක් හෝ නොමැති වුවත් කහ ලේබල් එකක් හෝ තිබේනම් ඒවාද ඉහත අවදානම ඇති කරන බැවින් සීමා කිරීම කළ යුතු වේ. ආහාර මිලදී ගැනීමේදී මේ දේවල් ගැන යම් හෝ අවබෝධයක් ලබා දෙනු පිණිස දරුවන්වද සහභගී කරවා ගත හැකියි.

හැකිතාක් එළවළු, පලතුරු ,පළා වර්ග ආහාර වේලට එකතු කර ගන්න.

හොඳින් ජලය පානය කරන්න. වැඩිහිටියකු නම් ලීටර් 02ක් දෙකහමාරක් ( වීදුරු 8-10) ජලය, තැඹිලි, බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ගවලට යොමු වන්න. ජලය පානය කිරීමට කිසිවිටෙකත් පිපාසය ඇති වන තෙක් නොසිටින්න.පුරුද්දක් ලෙස දවස පුරා ජලය හොඳින් පානය කරන්න.

දිනකට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න. එදිනෙදා වැඩ කටයුතුවලදී ශරීරයේ ශක්තිය වැය වන පරිදි ක්‍රියාශීලී වීමට වගබලා ගන්න. දරුවන් පැය 1ක් 2ක් පමණ දුවන,පනින කය වෙහෙස වන ක්‍රියාකාරකම්වල යොදවන්න.

දුම්පානය, මත් පැන්වලින් ඈත් වන්න.

දුවන්නන් වාලේ දුවන්නට නොගොස් , තම අරමුණු ඉටු කර ගැනීමට සීමා සහිතව වෙහෙස වන්නට , අසීමාන්තික නොවීමට වගබලා ගන්න.

දිනකට අඩුම තරමේ පැය 6ක්වත් නින්දට යන්න. දවස පුරා වෙහෙස වූ ඔබේ සිරුරට, මොළයට, සහනයක්, විවේකයක් යථාවක් වීමක් සිදු වන්නේ එවිටයි.

මේ ගැන ඔබ අවධානය යොමු කළ හොත් ඔබ සහ ඔබේ ආදරණීයන්ගේ හදවත් ලෙඩ නොවී තබා ගැනීමට ඔබට දායක විය හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කැපවී හදවතින් -සියලු හදවත් සුවපත් කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 477 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site