
කාසල්රී ජලාශය වාන් දැමීම
(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.
එම ජලාශයන්ගේ පහල ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ඉල්ලා සිටී.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම

ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඳුකරයේ ජලාශ කීපයක වාන් දොරටු විවර කරයි
කිරි පුතා Tuesday, 04 October 2022 12:54 PM
වාන් දොරවල් වහන්න අමතක වෙයිද දන්නෙ නෑ ඉංජිනේරු මහතවරුන්ට. මොකද තව සතියෙන් කියයි විදුලිය සඳහා ජලය මදි පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්න ඕන කියලා. එතකොට නෙ මඩිය තර වෙන්නෙ රටට හෙන ගැහුවත්
de silva Thursday, 06 October 2022 03:02 PM
ජලාශ පිරිලා නම් විදුලිය කපන්නේ කුමටද?