(සුජිත් හේවාජුලිගේ)
කන්ටේනර් 323 ක් කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද නැවතත් රැස්වෙයි.
සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කමිටුව රැස්වී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිතය.
සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව කමිටුව පවසයි.
කොඩි තුවක්කු මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම් කළ සමාජ ක්රියාකාරිකයෙකි. කමිටුවේ පළමු රැස්වීමේ සිට මාස දෙකක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට භාර වීමට නියමිතය
ඉකුත් 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රේගුව විසින් නිසි පරිදි පරීක්ෂාවට ලක් නොකර (Red Channel දැඩි පරීක්ෂාවට ලක්විය යුතු කාණ්ඩයේ) බහාලුම් (Containers) 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම විශේෂ කාරක සභාව පත්කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි, අජිත් පෙරේරා, මරික් කාර්, මුජ්බිර් , තමුන්ල දැන් ගිරිය යටින් කෑගහන්නෙ නැතිව , ඔය කොමිටියෙ තමන් දන්න දේ කියන්න, රජය කල වැරැද්ද කරුනු සහිතව ඔප්පු කරන්න , නැත්නම් එන සැරේ ඔය තියෙන චන්දත් නැ.
මේ දවස් වල පච කොත්තු පිරිසිදුව ඉන්නවා , layan වගේ සට්ටැබියෝ හින්දා. සට්ටැබිකුට layan කියන නම ගැලපෙන්නේ නැහැ.
ඔයාලා ගන්න වැදගත් තීරණ මොනවද අනිවාර්යයෙන්ම ගව සම්පත
හොරකමක් වෙලා තියෙනවනම් අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි. දැන් ආණ්ඩුව වැඩ දෙක තුනක් අනාගෙන ඉන්නේ. ඡන්දදායකයන්ට තවත් UNP/SJB, SLPP පාලනය වගේ ඒවා අවශ්‍ය නෑ. NPP එකට බැරිනම් ආයේ පරම්පරා හතර, පහකට ගොඩ ඒමක් නෑ.
නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් ප්‍රශ්න කරනවට ආණ්ඩුව බයද? එතුමාගේ දේවල් අලුත් ආණ්ඩුවට ඉගෙන ගන්න පුළුවන් වෙයි, වැරදි හරිගස්සා ගන්න පුළුවන් වෙයි. ඉදිරියේදී වෙන්න තියෙන වැරදි ක්‍රියාවන් නැතිකරමින් හරි මග යන්න පුළුවන් වෙයි. ඉතින් ඒක හොඳ නැද්ද?