IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කථානායක රෝහලෙන් පිටව යයි: නිල නිවසේ කළමනාකරුටත් කොරෝනා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොවිඩ්  ආසාදනයවීම නිසා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) ප්‍රතිකාර ලැබූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සුවය ලබා ඊයේ  (31) ඉන් පිටව ගියේය.

කොවිඩ්  ආසාදනයවීමෙන් එම රෝහලට ඇතුළත් කෙරුණු කතානායකවරයා  දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබුවේය.

කොවිඩ්  ආසාදිත සේවකයන් කිහිප දෙනෙකු  කතානායක නිල නිවෙසේ නිරෝධායනයවෙමින් සිටින හෙයින් කතානායකවරයා රෝහලෙන් පිටවී ගොස් සිටින්නේ ඔහුගේ දෙහිවල පිහිටි නිවෙසටය.

කථානායකවරයාගේ නිරෝධායන කාලය අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන  7 වැනිදාය. මේ අනුව ඔහුට ලබන 8 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට හැකිවනු ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර කතානායක නිල නිවසේ කළමනාකාර  පසන් අතුකෝරළ මහතාටද කොවිඩ්  ආසාදනයවී ඇතැයි වාර්තා වේ.

ඔහුද කතානායක නිල නිවෙසේ  නිරෝධායනයට  යොමු කරනු ලැබ සිටී. කතානායක නිල නිවෙසේ කොවිඩ්  ආසාදනයවී සිටින   සේවක සංඛ්‍යාව හයකි.

කතානායකවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් සේවකයෝ දස දෙනෙක් කොවිඩ්  රෝගීන්ට ආශ්‍රිතවීම නිසා  නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.



අදහස් (4)

කථානායක රෝහලෙන් පිටව යයි: නිල නිවසේ කළමනාකරුටත් කොරෝනා

Rasika Tuesday, 01 February 2022 10:09 PM

අලුත්ම නිර්ණායක අනුව වැක්සින් 3ම අරගෙන නම් ආශ්‍රිතයෙක් කියලා නිරෝධායනය වෙන්න බැහැ. හැදුණොත් විතරයි නැඩට නොයා ඉන්න පුළුවන්... කථානායක නිවසේ අයට ඒවා අදාල නැතුව ඇති...!

:       0       0

රටවැසියා Wednesday, 02 February 2022 07:05 AM

කතානායක කෙනෙකුට ඉන්න සෙවකයින් ගාණ 16ක්ද? ඒකනේ ඉතින් සැප හොයාගෙන පොරකාගෙන යන්නේ ඔතැනට...

:       0       2

sharm warn Wednesday, 02 February 2022 10:34 AM

කට්ටිය බැලුවේ ගුරු පොකුරක් හදන්න. හැදුණේ පාර්ලිමේන්තු පොකුරක්. ඒක තමයි දෛවයේ සරදම් කියන්නේ... දැන්වත් තේරුම් ගියොත් හොඳයි ඵල දෙන්න කරපු කියපුවා කියලා...

:       0       1

Shan Wednesday, 02 February 2022 01:16 PM

මම ඒත් හිතුවා දැන් රටේ වෙන දේවල් වල හැටියට අපි එච්චර වාසනාවන්ත නෑ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site