(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 4 දක්වා කල්තැබිණ.
විවාදයේදී අදහස් දැක්වීමට නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේද නම් අඩ ගැසුවද ඒ එකම මන්ත්‍රීවරයෙකුවත් සභාගර්භයේ සිටියේ නැත. නියෝජ්‍ය කතානායකවරයා විසින් සභාවේ කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd