(අංජුල මහික වීරරත්න)

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය  හරීනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ඇති රටවල් 146 ක් අතරින් 122 වැනි ස්ථානයේ ලැයිස්තුගත කරලා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය මෙය ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම සහ වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව කීවාය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලය, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ Chrysalis ආයතනය එක්ව  සංවිධාන කොට තිබූ 'THRIVE- Together for Her: Resilience-building, Inclusivity, and Voices for Equality in Sri Lanka' ව්‍යාපෘතිය එළිදැක්වීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ දී පැවැත්විණි.