IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතානායකගෙන් මන්ත්‍රීන්ට පාඩමක්



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ස්ථාවර නියෝග අනුව මන්ත්‍රීවරයෙකු ක්‍රියා කරන ආකාරය ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය ඇතුළු කටයුතු  සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවේදී  දැනුවත් කළේය.

ඔහු මන්ත්‍රීවරුන් මෙසේ දැනුවත් කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

කතානායකවරයා මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් මෙසේද පැවසීය.

නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන රටක මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික කාර්ය භාරයන් අතර නියෝජනය, නීති සම්පාදනය, මහජන මුදල් පාලනය සහ අධීක්ෂණය ප්‍රධාන වන අතර එහිදී නියෝජනය යන ක්‍රියාවලිය මඟින් ඉටු කළ හැකි කාර්යභාරය ඉතා සුවිශේෂී වේ.

ඒ  අනුව මහජන නියෝජිතයෙකු ලෙස නියෝජනය යන කාර්යභාරය ඉටු කිරීමේදී මහජනතාව හා සම්බන්ධ පොදු කාරණා හා ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කොට විධායකය හරහා විසඳුම් ලබා ගැනීමේ විවිධ ක්‍රමවේද පවතින අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ යෝජනා මෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2)හි විධිවිධාන ප්‍රකාරව “ප්‍රශ්න අවසානයේ දී පොදු වැදගත්කමකින් යුතු කරුණක් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම්දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා හෝ පිළිගත් දේශපාලන පක්ෂයක නායකයෙකු විසින් අසනු ලබන ප්‍රශ්න” ඉන් ප්‍රධාන වේ.

ඒ අනුව ස්ථාවර නියෝග 27(2)හි විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සම්බන්ධව විවිධ අවස්ථාවලදී සභාවේ මතු වූ කරුණු සහ විශේෂයෙන් 2025.05.09 දින ඒ සම්බන්ධව මෙම සභාවේ ඇති වූ තත්ත්වය පිළිබඳව කථානායකවරයා වශයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමටත්, ඒ සම්බන්ධව මාගේ තීරණය මෙම සභාවට දැනුම් දීමටත් කැමැත්තෙමි.

ස්ථාවර නියෝග 27(2) මඟින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයාට සහ පක්ෂ නායකයින්ට සලසා ඇති මෙම අවස්ථාව මඟින් අපේක්ෂා කරනුයේ පොදු වැදගත්කමකින් යුත් නිශ්චිත කරුණක් පිළිබඳව, අදාළ විෂයභාර අමාත්‍යවරයාට කරනු ලබන කෙටි දැනුම් දීමක් මඟින් පිළිතුරු ලබාගැනීම වන අතර, ඒ අනුව අදාළ ප්‍රශ්නය “පොදු වැදගත්කමකින් යුතු කරුණක්” වීම අත්‍යවශ්‍ය වන අතර, කෙටි දැනුම් දීමකින් පිළිතුරු සැපයීමට හැකිවන ආකාරයේ වීම ද ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ.

එලෙසම, එවැනි ප්‍රශ්නයක අන්තර්ගතය එක් නිශ්චිත කරුණක් පාදක වන විෂයකට සීමාවීම ද, එක් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට ගැනෙන කරුණක් විය යුතු වීමද මෙහිලා අත්‍යාවශ්‍ය කරුණු ලෙස සැලකේ.
දීර්ඝ කාලයක සිට පැවත එන සම්ප්‍රදාය අනුව පෙරදින මධ්‍යහ්න 12.00ට ප්‍රථම අදාළ විෂයභාර අමාත්‍යවරයාට මෙකී ප්‍රශ්නය යොමු කිරීමේ අරමුණ වන්නේ ද ඉතා කඩිනමින් පිළිතුරු ලබාගැනීමට ඉඩකඩ සලසා ගැනීම වේ.  

කෙසේ වුවද, දසවැනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා මෙම විධිවිධානය යටතේ මතුකරනු ලබන බොහෝ ප්‍රශ්න “පොදු වැදගත්කමකින්” යුත් කරුණු වලින් බැහැරව අනු ප්‍රශ්න රාශියකින් ද සමන්විත වීමත්, ඉතා විස්තරාත්මක දත්ත සහිතව පිළිතුරු අපේක්ෂා කිරීමත්, එක් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට සීමා නොවීමත්, එලෙසම සමාන ස්වරූපයේ ප්‍රශ්න නැවත නැවතත් දිගින් දිගටම ඉදිරිපත් කිරීමත් බොහෝවිට නිරීක්ෂණය වී තිබේ.

තවද, ස්ථාවර නියෝග ප්‍රකාරව මෙවැනි ප්‍රශ්න සඳහා අතුරු ප්‍රශ්න ඇසීමට ප්‍රතිපාදනයක් නොමැති වුවද, යම් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමින්  බොහෝවිට අතුරු ප්‍රශ්න ස්වරූපයෙන් ඒවා ඉදිරිපත් කිරීමත්, විශේෂයෙන් ප්‍රශ්නය යොමු කරනු ලැබූ පක්ෂ නායකවරයාට අමතරව වෙනත් මන්ත්‍රීවරයන්ද ඊට සම්බන්ධව කරුණු විමසීමට, ප්‍රශ්න ඇසීමට උත්සාහ කරනු ලබන අවස්ථාවන් මා විසින් වැඩිදුරටත් නිරීක්ෂණය කොට ඇති බව දන්වනු කැමැත්තෙමි.

තවද, මෙලෙස මතු කරනු ලබන බොහොමයක් ප්‍රශ්න වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලබන යෝජනා මඟින් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් මෙහිලා වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමි.

පවත්නා මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රශ්නය මතු කිරීමට, පිළිතුරු ලබාදීමට සහ අතුරු ප්‍රශ්න මතු කිරීමට හා ඒවාට පිළිතුරු ලබාදීමට ඉතා විශාල කාලයක් ගතවීම හේතුවෙන් මේ සඳහා වෙන්කර ඇති කාලය තුළ එම කටයුතු නිම නොවීමෙන් සභාවේ දෛනික ප්‍රධාන වැඩ කටයුතුවලට දැඩි ලෙස බාධා පැමිණෙන බවත්, ප්‍රධාන වැඩකටයුතු වලට අදාළ කථිකයන්ගේ වේලාව අහිමි වන බවත් නිරන්තරයෙන් දක්නට ඇති තත්ත්වයකි.
ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කරනු ලබන මෙම ප්‍රශ්න සම්බන්ධව 2025.03.21 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලදුව, ස්ථාවර නියෝග විධිවිධාන, පවතින සම්ප්‍රදායන් සහ කථානායකවරයාගේ නියෝග මත පදනම්ව ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ පොදු එකඟතාවය මත මේ සම්බන්ධ කටයුතු කරගෙන යාමට තීරණය කර තිබුණි.

කෙසේ වුවද, එකී විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූලව මෙකී ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කාල කළමනාකරණය සම්බන්ධ ගැටලු රාශියක් මතුව තිබෙන බැවින් මින් ඉදිරියට ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කරනු ලබන ප්‍රශ්න ඉහත විධිවිධානයන්ට අනුකූලව පමණක් ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මෙම සභාවට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

එබැවින්, පවත්නා මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කරනු ලබන ප්‍රශ්න ඉහත විධිවිධානයන්ට අනුකූලව ඉදිරිපත් කරන ලෙස අදාළ පක්ෂ නායකවරුන්ගෙන් ඉල්ලා සිටින අතර, එම විධිවිධානයන්ගෙන් බැහැරව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සම්බන්ධව ස්ථාවර නියෝග ප්‍රකාරව අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මා හට සිදුවනු ඇති බවත් මෙම සභාවට වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.
ඒ අනුව, මෙම ප්‍රශ්න යොමු කරනු ලබන සියලුම පක්ෂ නායකවරුන්ගේ අවධානයට මෙම කරුණු යොමු කරනු ලබන අතර, ස්ථාවර නියෝග ප්‍රකාරව සභාවේ කටයුතු කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධව ඔබගේ පූර්ණ සහයෝගය මම උදක්ම බලාපොරොත්තු වෙමි.



  



අදහස් (1)

කතානායකගෙන් මන්ත්‍රීන්ට පාඩමක්

B Amarasinghe Thursday, 22 May 2025 05:22 AM

නියමිත විදිහට විරුද්ධව ප්‍රශ්න අහන අයට පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පැනවූ වාරණය වගේ දේවල් කරන්න ඕනෙ. නැත්නම් සං‍යමයක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site