(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදෙස් රටවලට අවශ්‍ය ලෙස ලංකාවේ ඉරණම් කතාව ලියන්න කැස කැවූ බලවේග ගැන කරුණු ආවරණය කර ගැනීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (2)පැවසීය.
අදාළ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා කීය.
කථානායකවරයා විශ්වාසභංග යෝජනාව අවසානයේ කළ කතාවේදී අරගල සමයේදී ව්‍යවස්ථාවට පිටින් රටේ ජනාධිපති වගකීම බාර ගැනීම සඳහා දෙස් විදෙස් කණ්ඩායම් බලපෑම් ඇති කළ බවට ප්‍රකාශයක් කළ බව කී වීරවංශ මහතා තමා ලියූ සැඟවුණු කතාව පොතේද හිටපු ජනාධිපති ගෝඨාභය ලියූ පොතේද අරගලයට තිබූ විදෙස් බලපෑමක් පිළිබඳ තොරතුරු ඇතුළත් වන බව සඳහන් කළේය.
මෙය රටේ ස්වෛරිත්වය පිළිබඳ ඉතා බරපතල තත්වයක් බව කී මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්නට පෙළඹවන ලද්දේ කවුද?ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඔවුන් කුමන අරමුණක් ඇතිව එවැනි දේ කළාද? යන කාරණය පිළිබඳව හෙළි කර ගත යුතුව තිබෙන බව කීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවෙි අරගලය දා ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බවයි.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විනාශ කරන්නට කටයුතු කළත් එය අසීරුවෙන් අප නතර කරගත් බව කී කතානායකවරයා විදේශ බලපෑම් මතම ඒ කාරණා සිදුවූ බවට තමාට තොරතුරු නැතැයි කීය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කතානායක කියූ දෙයක් ගැන විවාදයක් ඉල්ලයි
බන්දුල Tuesday, 02 April 2024 01:26 PM
ඔය පාර්ලිමේන්තු වෙන් මේ රටේ මිනිස්සුන්ට වෙච්ච එක දෙයක් කියන්න. කෝටි ගණන් දවසකට වියදම් කරලා කට්ටිය සුපිරියට කාල බීලා බ්‍යලා කියවලා යනවා. පුදුම රටක්. මිනිස්සු මැරීගෙන වැඩකරලා මුදල් හොයලා බදු ගෙවනවා මුන්ට ජොලි කරන්න. මිනිස්සු හාමතේ.