IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කෝටි 45ක මත්කුඩු හොරණින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "අරුග්ගොඩ සලිදු" නැමැත්තාට අයත් රුපියල් කෝටි 45 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් වෑන් රථයකින්   ප්‍රවාහනය කරමින් සිටි හමුදා සෙබළු දෙදෙනෙකු හොරණ දික්හේනපුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ  අත්අඩංගුවට ගත් බව  පානදුර  වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල නායකයකු වන මිදීගම චින්තක හෙවත් "හරක් කටා" නමැත්තාගෙන් මත්කුඩු තොගය  ලබාගෙන  දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ   හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා පැමිණෙමින් සිටියදී  ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් මත්කුඩු කිලෝ 45කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.  

හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හමුදා නිල ඇඳුමින් සැරසී සිටි බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් හමුදා සෙබලුන් දෙදෙනා අත්තිඩිය සහ මරදාන හමුදා කඳවුරු දෙකට අනියුක්තව  සේවය කරන්නන් බවත් වෑන් රථය අත්තිඩිය  හමුදා කඳවුරේ බ්‍රිගේඩියර්වරයකුට අයත් එකක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (6)

කෝටි 45ක මත්කුඩු හොරණින් අල්ලයි

සෙනෙවිරත්න Thursday, 25 February 2021 03:20 AM

සේරටම හමුදා පුහුණු දෙන්න.. විනය අතින් ඉහළයි.. හැබැයි එක රණවිරුවෙක්වත් සිරගත කරන්න එපා...

:       0       0

Raveendra Thursday, 25 February 2021 04:16 AM

ගෝඨාභය සර්, කමල් සර්, ශවේන්ද්‍ර සර්.. එකෙන්ම රෙස්පෙක්‍ට්.. එනපාරත් අපි ඡන්දෙ දෙනවාමයි සර්...!!! 

:       0       0

Ruhunu Thursday, 25 February 2021 06:18 AM

කුඩු විකුණන කෙනාත් පාර්ලිමේන්තුවට යන රටක මේ වගේ දේවල් සිදුවීම සාමාන්‍යයයි... ඉතින්.

:       0       0

rocky Thursday, 25 February 2021 07:03 AM

ඔය ඉන්නේ රණ විරුවෝ..!!! 

:       0       0

අජිත් Thursday, 25 February 2021 07:37 AM

වැටත්, නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ දුක.. මේවා මෙහෙම නම් රටේ අහිංසක මිනිස්සුන්ට ඇති ආරක්ෂාව කිම..?

:       0       0

Demuni Uduwara Thursday, 25 February 2021 12:16 PM

වැටත්, නියරත් ගොයම් කා නම්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site