IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝටි 4 ක් වංචාවට රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු

(නිමන්ති රණසිංහ)

රුපියල්  40,000,000 රේගු බදු වංචා කරමින් මෙරටට ආනයනය කරන ලද බීඩි කොළ තොගයේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයකු සහ රේගු පරීක්ෂකවරයකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවේ අද (18) කරුණු වාර්තා කළේය.

මෙම විමර්ශනයට අදාළව ශි‍්‍ර ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයකට පසු මෙම සහකාර රේගු අධිකාරිවරයා සහ රේගු පරීක්ෂකවරයා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් රේගු පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවටද අධිකරණයට කරුණු ඉදිරිපත් විණී.

 

 



අදහස් (14)

කෝටි 4 ක් වංචාවට රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු

de silva Monday, 18 February 2019 02:10 PM

අනිවාර්ය නිවාඩු යවලා විතරක් මදි අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට ගන්නේ පොල්ගෙඩියක් දෙකක් හොරකම් කල මිනිස්සු පමණද ?

:       0       323

saman Monday, 18 February 2019 02:17 PM

අනිවාර්ය නිවාඩු යවල මදි, අත්අඩංගුවට අරගෙනත් මදි. සියලු වැරදි පිළිබඳව විමර්ශනය කරලා, පහුගිය කාලයේ උපයාගත් ආදායම් ගැනත් හොයල බලල උපරිම දඩුවම් දෙන්න. නැතුව මේ රට හදන්න බෑ.

:       0       286

Sunil milano Monday, 18 February 2019 02:36 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ පොල් ගෙඩි දෙකයි අඹ ගෙඩි දහයයි වටිනාකම කෝටි කියද?

:       0       226

RaveendraMonday, 18 February 2019 03:00 PM

මේ පොල් ගෙඩි දෙකයි අඹ ගෙඩි දහයයි සාදා නිමකර තිබුනේ කැරට් 24 රත්තරන් වලින් නිසා වටිනාකම තක්සේරු කිරීමට බැරිබව ඔබ නොදන්නේද? තව එම සෑම ගෙඩියක්ම කිලෝ 2 කටත් වඩා බරින් වැඩි "ලු".

:       0       140

පිටිගල මිලානෝ Monday, 18 February 2019 02:38 PM

අනිවාර්ය නිවාඩු? එතකොට වැලිකඩ තියෙන්නේ කෙසෙල් හොරුන්ටයි කුකුල් හොරුන්ටයි ලගින්නද? මේකයි මම කියන්නේ මේ අය අතරට පුහුණු කල හමුදා නිලධාරින් යොදවන්න කියලා? බලනකොට ලංකාවේ ලොකුම හොරු මේගොල්ලොනේ? අමතක කරන්න එපා ලංකාවේ ලොකුම අල්ලසට වග කිව්වෙත් මේගොල්ලෝ. කෝටි හතරත් ගානක්ද මේ අයට?

:       1       253

BamunuarachchiTuesday, 19 February 2019 01:11 AM

එහෙම කියන්න එපා ඔවුන් කලායයි කියන වැරැද්ද ඔප්පු වෙන්නත් ඕනේ නේද?

:       137       3

Bamunuarachchi Monday, 18 February 2019 04:35 PM

සෙනසුරාද 360 වැඩසටහනට පැමිණි හිටපු රේගු නිලදාරියෙක් නාගානන්ද මහතා කෙරෙන සොරකම් සහ ඒවා මැඩපවත්වා ගන්න හැකි ආකාර ගැන සැහෙන විස්තරයක් කළා. නමුත් ඒවා ක්‍රීයාත්මක වෙන්නේ නැහැ කව්රුත් හොරු නිසා.

:       105       89

කපිල Monday, 18 February 2019 04:56 PM

දැන් අර අවංක රේගු නිලදාරින් වෙනුවෙන් වර්ජනය කරපු කට්ටිය කෝ

:       0       21

lal Tuesday, 19 February 2019 01:19 AM

මේ දෙන්නාවත් ඊලඟ සැරේ පාර්ලිමේන්තුවට යවමු. සියලු සුදුසුකම් තියෙනවා..

:       0       2

saman kumara Tuesday, 19 February 2019 03:21 AM

රේගුවේ රැකියා හොයන බොහෝ පිරිස ඒවාට යාමේ හේතුව ඔය වගේ අරමුණු තමා...

:       0       36

isurandi Tuesday, 19 February 2019 06:25 AM

මේ රැකියාවේ යෙදෙන වැඩිපිරිසක් එක රැයින් කෝටිපතියෝ වෙන්න මේ වගේ මගඩි වැඩ කරනවා.

:       17       237

jayatissa Tuesday, 19 February 2019 07:07 AM

මමත් ඇඟලුම් කම්හලක වැඩ කලා. අපි දන්නවනේ උන්ගේ සෙල්ලම්. දැන් නම් පුස පෙටව් වගේ ඇති. මුන්ව උල තිබ්බත් මදි ..... හොර හැත්ත.

:       1       262

Pandith Tuesday, 19 February 2019 09:00 AM

රජයට ලැබෙන සමස්ත බදු අදායමෙන් කෝටි ගණන් මුදලක් මේ රේගු නිලධාරීන් හොර පාරෙන් සාක්කුවේ දමාගන්නව.මේ හොර සල්ලි වලින් මේ අයගේ ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ පිටරටවල් වල සහ මේ හැමෝටම පිටරටවල ගෙවල් පවා තියෙනවා.මේ කිසිම වත්කමක් මේ අයගේ නම් වලින් නැහැ. මේ රේගු නිලධාරීන්ගේ ගෙවල් වලට අදායම්බදු දෙපාර්තමේන්තුවෙන් පැනල සෝදිසි කලොත් ඔය ගොඩක් හොර සල්ලි අල්ලගන්න පුළුවන්.

:       0       357

SUMITH Wednesday, 20 February 2019 09:19 AM

මොනවා තිබුනත් මොකටද , දැන් එයාලගේ යසස කීර්තිය ඔක්කොම ඉවරනේ, ධර්මෙන් උපයන දෙයක් වෙතොත් තමන් ලග රැදේවි, නැත්නම් ඕව විනාසවෙලා යනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site