IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කෝටි 2 ක බීඩි කොළ පුත්තලමෙන් අල්ලයි

(යොහාන් භාසුර)
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 2,223 ක පමණ තොගයක් පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (12) රාත්‍රී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 70 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ 2223 යි ග්‍රෑම් 100 පමණ තොගය සොයාගත් බවත් මෙම ජාවාරම්කරුන්ගේ යැයි සැකකරන යතුරුපැදියක් ද භාරයට ගත් බවත් නාවික හමුදා කීය.  
භාරයට ගත් යතුරුපැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදී බීඩි තොගය ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ගත් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය. 

 

 



අදහස් (0)

කෝටි 2 ක බීඩි කොළ පුත්තලමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 840 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site