
(ටී.කේ.ජී.කපිල)
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
මෙම ගුවන් මගීන් තිදෙනා අතර කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු , කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු සමග බදුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයකු ද සිටින බව කියයි.
ඔවුන් විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ බිස්කට් සහ මුරුක්කු අඩංගු පැකට් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 616 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 762 ක් සඟවා ගෙන තිබී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd