IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි

(තරංග ගුණරත්න)

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කරාබු , මාල ඇතුළු ග්‍රෑම් 150 ක් පමණ වන රත්තරන් සමග බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමග පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අද අලුයම 3;00 ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ පොලිස් පරීක්ෂක පි.ඒ.එන් ඩි ආරියරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

දෙවුන්දර හුම්මාන මාර්ගයේදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් නතර කිරීමට  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අනකොට තිබේ

එහිදී අධික වේගයෙන් ගමන් කිරීමට උත්සාහ ගත් මෝටර් රථය පසුපස ගොස් ලුහුබැඳ මෝටර් රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර එය පරික්ෂා කිරීමේදී මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයන් පස් දෙනකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි  ප්‍රකාශ වල පරස්පරතා පවතිනා බව වි⁣ශේෂ කාර්ය බළකායේ නිලධාරින් කියා සිටි.

 



අදහස් (1)

කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි

ගන්දර වැසියෙක් Friday, 18 April 2025 07:53 AM

දෙවුන්දර එස්.ටී.එෆ්. අයත්, නාකොටික් අයත්, සමහර ආමි එකේ අයගේත්, ඉහළම පොලිස් අයගෙත් ආශිර්වාදයෙන් කුඩ්ඩෝ බඩපිනුම් ගසති.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site