(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය කියයි.
අද පෙරවරුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණිය ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඝාතනය අසාර්ථක වීමෙන් පසු වෙඩික්කරු අල්ලා දීමට කටයුතු කර ඇත්තේ ඝාතකයාගේ ඉලක්කය වූ අංජන ඇතුළු ගම්වාසීන් පිරිසක් බව පොලිසිය කියයි. වෙඩි තැබීමට ආ අනෙක් පුද්ගලයා පැන ගොස් ඇත.
අල්ලා ගත් ඝාතකයා සන්තකයේ තිබී රිවෝල්වරයක් පොලිස් බාරයට ගෙන ඇති අතර එම ස්ථානයේ වැටී තිබී 9 එම් එම් ජීව උණ්ඩ දහයක් අඩංගු මැගසිනියක් සහ ඒ අසල වැටී තිබූ බෑගයක තවත් එවැනිම මැගසිනයක් සොයාගත් බව පොලිසිය කියයි.
එම බෑගයේ පලා ගිය සැකකරුගේ ජාතික හැඳුනුම්පත ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසකට අද පෙරවරුවේ යතුරුපැදියකින් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් රැගෙන ආ දෙදෙනඅකු මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුවේ ඉලක්කය වූ අංජන නමැත්තා වෙඩික්කරුවන් දෙසට එකවරම කඩා වැදීමත් සමගම එක් පුද්ගලයකු තාප්පෙන් පැන පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අන්ජන ඇතුළු ගම්වාසීන් විසින් අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි.
ඒ වනවිට ඔහුගේ පාදයක්ද බිඳීමකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
එහිදී ඔවුන් එම පුද්ගලයාට පහරදී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා මරන්න එපා. වෙඩික්කරු අව්වේ තියලා වේලලා මරන්න.
පාදයේ බිඳීම ස්ථිර කලොත් ආයේ කැටපෝල් එකක්වත් අල්ලන් නෑ. ගම්වැසියන්ට අතක් ගැනත් බලන්න තිබුණේ.
ඔක්කොම කෙලි ටික වුණාට පස්සේ තොරතුරු ටික නියමෙට හොයා ගන්න බුද්ධි අංශයක් ද ලංකාවේ තියෙන්නේ..? ඇඟේ පතේ හයියෙන් තමන්ගේ ආරක්ෂාව තියා ගන්න සිදුවෙලා තියන රටේ, මිනී මරලා, ඩුබායිවල සැඟව සිටිනවා කියන කාගේ හරි නමක් ප්‍රකාශ කලාම ඔක්කොම හරිනේ...
පාතාලයට සම්බන්ධ බොහෝ දෙනා කුඩාකාලයේදී ලිංගික අතවරවලට ලක් වූ අය. පසුව බන්ධනාගාරයේ පවා ඔවුන්ට සිදුවන්නෙ පරණ සිරකරුවන්ගේ ලිංගික අවශ්‍යතා සපුරන්න.
අංජන හැංගුණානේ, කොහොමද අල්ලාගත්තේ දුවපු අයව එතකොට?
සරම කඩන් වැටුන නේ ANJANA ge .වෙඩි තියන්න ආපු උන්ට කරකියාගන්න දෙයක් නැති උනා
88/89 කෑවා රට. දැනුත් කනවා