IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්

(යොහාන් භාසුර)

ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය සේවකයන් සේවය වාර්තා නොකිරීම හේතුවෙන් අද (01) පෙරවරුවේ සිට දුම්රිය රැසක් අවලංගු කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙන බව වාර්තා වේ.

කලින් ආසන වෙන්කරගෙන දුම්රියෙන් යෑමට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වූ අතර විශාල ජනකායක් මේ වන විට කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටිති.

මෙම තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් විය.  

එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් කිසිවෙකු කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත වාර්තා නොකිරීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වූහ.

පොදු ප්‍රවාහනයේ ප්‍රධාන පුරුක ලෙස කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුව අත්‍යාවශ්‍ය සේවා ගණයට නම් නොකිරීම මත ඉන්ධන ලබාගැනීමේදී දුම්රිය සේවකයන්ට ඉන්ධන නොදුන් බව දුම්රිය සේවකයෝ පැවසූහ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක්

SL Friday, 01 July 2022 01:39 PM

අපි වැඩට යන්නේ බස්වල... තවම අපි වෙලාවට වැඩට යනවා. අපිත් කාර්වල වැඩට ගිය මිනිස්සු. තියෙන තත්වය අනුව බස් එකේ වැඩට යනවා නුඹලාට බැරි මොකද? දුම්රිය පුද්ගලීකරණය කරන්නම ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site