IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කටාර් චැරිටි අරමුදලට පනවා තිබූ තහනම ඉවතට

(ඩයනා උදයංගනී)

කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවද අමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.

මේ දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර මහතා කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකළ බව ඔහු සිට ට්විටර් ගිණුමෙහි ද සඳහන් කර ඇත.

එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

මෙම පුණ්‍යායතවයේ අරමුදල සම්බන්ධයෙන් 2019 වසරේදී තහනමක් පනවනු ලැබ තිබුණේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මතය. 



අදහස් (10)

කටාර් චැරිටි අරමුදලට පනවා තිබූ තහනම ඉවතට

kamal Thursday, 30 June 2022 04:25 PM

එදා වඳ කොත්තු අද සුපිරි කේක්...

:       5       91

BamunuarachchiFriday, 01 July 2022 08:39 AM

කාලෙ හැටියට වෙනස් වෙන්න ඕන හලෝ.අද ලෝකයේ හරි වෙනස්.එදා කරපු උප්පරවැට්ටි දැන් කරන්න ඕනේ නෑ තේරුණාද හලෝ.

:       0       0

darmasiriFriday, 01 July 2022 03:00 PM

සුපිරි කේක් නෙමෙයි සුපිරි පුන්නක්කු...!

:       0       0

nanda Thursday, 30 June 2022 07:04 PM

දැන් ලොකුකම් පැත්තකට දාලා රටවල්වලට ගිහින් පාච්චල් වෙන හැටි..

:       0       1

බද්රානි Thursday, 30 June 2022 07:14 PM

කරන උදව්වක් මුස්ලිම් ජාතිකයින්ට පමණක් කරන්න. සිංහලයින් කියන්නේ ලැජ්ජාවක් තියන ජාතියක් නෙවෙයි. නැත්නම් ඉතින්, ජාතිවාදය නමින් "කටාර් චැරිටි" තහනම් කරලා, දැන් ලජ්ජා නැතිව යයිද හිඟාකන්න. අර පහුගිය කාලේ "හලාල්, හලාල්" කියමින් සද්දෙට බුරාපු රැල දැන් කොහෙද දන්නේ නැහැ. මම නම් කියන්නේ දැන් නකුට අස්සේ ගහගෙන හිඟමනේ ආවාට, කටාර් රාජ්‍යයේ නායකයින් දන්නවා ඇති ස්වභාවය...

:       0       2

vukum Thursday, 30 June 2022 11:15 PM

විලි ලැජ්ජයි මේ ආණ්ඩුව කරන වැඩ බැලුවාම...

:       0       0

ලුම්බිණි Friday, 01 July 2022 05:06 AM

අපේ හාමුදුරුවනේ දැන් මොකද කරන්නේ?

:       0       0

GotttaGohome Friday, 01 July 2022 09:55 AM

කෝ අර බමුණා කියන පොර? නන්ගසරත් එක්ක එකටම කැළණි ගගේ නයා හොයන්න පැන්න නම් හරි.... දැන් බයියෝන්ට ඉස්ලාම් ආගම, මුස්ලිම් ජනතාව, මුස්ලිම් රටවල් හරිම ෂෝයි... ඒකාලේ අපි කිව්වා මුන් බොරුව කරල ජාති වාදේ පතුරනවා කියලා. මුසල පාලකයෝ අපේ රටේ ඉන්නේ...

:       0       0

Asanka Friday, 01 July 2022 10:48 AM

දැන් කවුද ත්‍රස්තවාදියා? දැන් තමයි නිරුවත එළි වෙන්නේ...!

:       0       0

kamal Friday, 01 July 2022 12:26 PM

ලැජ්ජ නැති හිගන්නො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site