IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පැවසිය.

මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයෙ පදිංචි 25 හැවිරිදි අවිවාහකයකු වන  මහමුදන්නායක මුදියන්සේලාගේ සජීත් තිවංක නොහොත් (ජයසුන්දර ) නැමති අයකු  බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වු තරුණයාගේ මවගේ බාල සොහොයුරු ,  ප්‍රදේශයෙ නීති විරෝධී කසිප්පු ජාවාරමට සම්බන්ධ  අයෙකු බව කියන සැකකරුවකු හා ඔහුගේ බිරිද බව කියයි.

අත් අඩංගුවට ගෙන ඇති කසිප්පු ජාවාරම්කරුගෙ වෙළද සැල ඉදිරිපිටදී පවත්වාගෙන ගිය කැට පොළක ඇතිවු ආරවුලක් බහින් බස් විමකින් පසු මාමා එල්ල කළ පොලු පහරකින් එම ස්ථානයෙදීම ඥාති පුතා මරණයට පත්ව ඇති බව මූලික විමර්ශන වලදි තහවුරු වි ඇති බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (1)

කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි

vernon Monday, 21 April 2025 11:21 AM

අවුරුද්ද වෙනුවෙන් කියලා කැට ගහනවා අරක මේක කියලා එක එක සූදු වලට ඉඩ දෙන්නෙ ඇයි? මෙතන කසිප්පු ජාවාරමට සම්බන්ධ කතාව මිනීමැරුම වුනාම හොයාගත්තා වෙන්න බෑනේ. ඇයි කලින් අල්ල ගත්තේ නැත්තේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 631 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site