(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී.කේ.ජී.කපිල)
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය කියයි.
අද පෙරවරුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණිය ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඝාතනය අසාර්ථක වීමෙන් පසු වෙඩික්කරු අල්ලා දීමට කටයුතු කර ඇත්තේ ඝාතකයාගේ ඉලක්කය වූ අංජන ඇතුළු ගම්වාසීන් පිරිසක් බව පොලිසිය කියයි. වෙඩි තැබීමට ආ අනෙක් පුද්ගලයා පැන ගොස් ඇත.
අල්ලා ගත් ඝාතකයා සන්තකයේ තිබී රිවෝල්වරයක් පොලිස් බාරයට ගෙන ඇති අතර එම ස්ථානයේ වැටී තිබී 9 එම් එම් ජීව උණ්ඩ දහයක් අඩංගු මැගසිනියක් සහ ඒ අසල වැටී තිබූ බෑගයක තවත් එවැනිම මැගසිනයක් සොයාගත් බව පොලිසිය කියයි.
එම බෑගයේ පලා ගිය සැකකරුගේ ජාතික හැඳුනුම්පත ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංඛ නැමැත්තාගේ ගෝලයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසකට අද පෙරවරුවේ යතුරුපැදියකින් පිස්තෝලයක් සහ රිවෝල්වරයක් රැගෙන ආ දෙදෙනඅකු මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී වෙඩික්කරුවේ ඉලක්කය වූ අංජන නමැත්තා වෙඩික්කරුවන් දෙසට එකවරම කඩා වැදීමත් සමගම එක් පුද්ගලයකු තාප්පෙන් පැන පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අන්ජන ඇතුළු ගම්වාසීන් විසින් අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි.
ඒ වනවිට ඔහුගේ පාදයක්ද බිඳීමකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
එහිදී ඔවුන් එම පුද්ගලයාට පහරදී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
අංජන Tuesday, 22 April 2025 04:08 PM
ගහලා මරන්න එපා. වෙඩික්කරු අව්වේ තියලා වේලලා මරන්න.
ජිල්බු Tuesday, 22 April 2025 04:09 PM
පාදයේ බිඳීම ස්ථිර කලොත් ආයේ කැටපෝල් එකක්වත් අල්ලන් නෑ. ගම්වැසියන්ට අතක් ගැනත් බලන්න තිබුණේ.
බද්රානි Tuesday, 22 April 2025 04:27 PM
ඔක්කොම කෙලි ටික වුණාට පස්සේ තොරතුරු ටික නියමෙට හොයා ගන්න බුද්ධි අංශයක් ද ලංකාවේ තියෙන්නේ..? ඇඟේ පතේ හයියෙන් තමන්ගේ ආරක්ෂාව තියා ගන්න සිදුවෙලා තියන රටේ, මිනී මරලා, ඩුබායිවල සැඟව සිටිනවා කියන කාගේ හරි නමක් ප්‍රකාශ කලාම ඔක්කොම හරිනේ...
සරත් Tuesday, 22 April 2025 04:36 PM
පාතාලයට සම්බන්ධ බොහෝ දෙනා කුඩාකාලයේදී ලිංගික අතවරවලට ලක් වූ අය. පසුව බන්ධනාගාරයේ පවා ඔවුන්ට සිදුවන්නෙ පරණ සිරකරුවන්ගේ ලිංගික අවශ්‍යතා සපුරන්න.
aryisTuesday, 22 April 2025 06:45 PM
අත්දැකීමෙන්ම කියනකොට ඇහුන්කන් දෙන්න ඕනනේ.
Nihal Tuesday, 22 April 2025 08:44 PM
කොහොමද ඒක දැනගත්තේ?
බණ්ඩා Tuesday, 22 April 2025 05:03 PM
අංජන හැංගුණානේ, කොහොමද අල්ලාගත්තේ දුවපු අයව එතකොට?
බකල ජයාTuesday, 22 April 2025 06:32 PM
දුවපු එක අහිංසකයෙක් තාප්පෙන් පනිද්දී බිමට ඩෝං. කලබලේ ඇහිලා ගම්වැසියෝ ටීං. අංජනම් පස්සේ එළියට ගිහිල්ලා වැටිලා කකුල කැඩිලා හිටපු කෙනාට ගම්වැසියෝත් එක්ක එකතුවෙලා දඩීං, ඩෝං, ඩහ්, ඩුහ්, ෆ්ලැට්. ඕන්න බණ්ඩයියේ ඇසින් නුදුටු විස්තරේ...!
mahesh Tuesday, 22 April 2025 07:38 PM
සරම කඩන් වැටුන නේ ANJANA ge .වෙඩි තියන්න ආපු උන්ට කරකියාගන්න දෙයක් නැති උනා
dama Wednesday, 23 April 2025 01:19 AM
88/89 කෑවා රට. දැනුත් කනවා
ටයරසෑපුත්‍රWednesday, 23 April 2025 03:29 PM
පියාණෝට බනිනු එපා. එතුමා මෙතැන මොනවාද කෙරුවේ?