(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමාදයක් හේතුවෙන් ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් 98 ක් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් කෝටි 56 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම වෛද්‍ය සැපයුම් දේශීය වෙළෙඳපොළෙන් මිලදීගැනීමට සිදුවී ඇත්තේ සැපයුම්කරුවන්ට 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී නිකුත් කෙරුණු ඇනවුම් ප්‍රමාදවීම හේතුවෙන් බවද එහි දැක්වෙයි.
මින් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන ගිණුම් ගත කර තිබුණු නමුත් කෝටි හතළිස් හයක මුදලක් අයකර ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ඖෂධ සැපයුම්කරුවන්ගෙන් මිලට ගත් ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට 2020 සහ 2019 වර්ෂවල රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ හා හානි වූ ඖෂධවල මුළු වටිනාකම (2020 වනවිට) කෝටි දහයකට වැඩිය.මෙම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් 2021 වර්ෂය නොවැම්බර් 2 වැනිදා වනවිටත් අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඖෂධ ගනිද්දී කෝටි 56 ක් පිනට දීලා
සක්‍රයා Saturday, 07 January 2023 12:25 PM
නුඹලාට මේ ආත්මයේම මේ කරන සක්කිලි වැඩවලට පව් ගෙවන්නට ලැබේවා! මඳක් සිතන්න. අතර මැදියන්ට සල්ලි දුන්නා වෙනුවට ළමා වාට්ටුවක දුක්විඳින දරුවන්ට බෙහෙත් සහ පිටරට යවා හෝ සැත්කම් කර සුව කරන්නට තිබුණා නොවේද..?