(අංජුල මහික වීරරත්න)
මහන්සිය, කැපවීම ,ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කළුතර, බණ්ඩාරගම, මිල්ලනියේ ගොවි බිම් නිරීක්ෂණය කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.
මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව ගොවීන් මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවසී යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
කළුතර බණඩාරගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2,000 ක පමණ මහ කන්නයේ වී වගාව මෙහිදී අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක්වී ඇති අතර යල කන්නයේ නිසි කලට පොහොර ලබා දී නිසි කළට කුඹුරු ඉඩම් වී වගාව සදහා සූදානම් කළ හොත් අස්වැන්න අඩු නැතිව ලබා ගත හැකි බව ගොවීන් අමාත්‍යවරයාට පැවසූ බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කාබනික වගාව සාර්ථක කර ගත් ගොවීන්ට රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන අතර වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිමත් කර සෞඛ්‍යය සම්පන්න ජනතාවක් බිහි කීරිම රජයේ අරමුණ බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඕනෑකම තියෙනවා නම් කාබනික වගාව සර්ථක කරගන්න පුළුවන්
sena Thursday, 27 January 2022 07:14 PM
ඉතින් මොකටද ඔච්චර මහන්සි වීගෙන ඕක සාර්ථක කරන්නේ..? කවුරුන් හරි පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවද කාබනික වගාවෙන් වකුගඩු රෝග හැදෙන්නේ නෑ කියලා?
fairoos Thursday, 27 January 2022 07:40 PM
කෘෂිකර්මාන්තය වනසලා එනවා මෙතන කියවන්න.
uk ran Thursday, 27 January 2022 07:41 PM
ජෙප්පන් ඉන්නකම් ඕක කවදාවත් කරන්න බෑ.මොකද රට දියුණු වුණොත් ඔවුන්ට කවදාවත් පැවැත්මක් නැහැ.
vikum Thursday, 27 January 2022 09:04 PM
ඔබතුමාලා 225ටත් වුවමනාවක් තියෙනවා නම් රට දියුණු කරන්නත් පුළුවන් නේද..?
Chithrananda gamage Friday, 28 January 2022 05:59 AM
බොරු කරන්න එපා. හැමදාම යන්නේ සාර්ථක වෙච්චි තැන් හොයාගෙන කලින් සෙට් කරලා.. පුළුවන් නම් ඔය උද්ඝෝෂණ තියෙන පැතිවල ගිහින් කුඹුරු බලලා වොයිස් කට් දෙන්න. කෝ හිතුවක්කාර ඇමැතිතුමා...?
ravin Friday, 28 January 2022 10:25 AM
ඕනෑකම තියෙනවා නම් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
Nihal Friday, 28 January 2022 10:28 AM
ගොවිපවුලේ ඔක්කොම වකුගඩු රෝගී වුණත් පහසුව වැඩි ලාබය බලන්නේ... අන්තිමට ඔක්කොම සුන්...!!
සී.යූ එරත්නගේ Friday, 28 January 2022 11:28 AM
කාබනික වගාව අපේ රටේ අනාගත පරපුරේ යහපැවැත්මට ඉතාමත් වැදගත්වේ. මෙම රජය අනාගත පරපුර ගැන සිතමින් තම දේශපාලන යහපැවැත්ම අවදානමට ලක්කරමින් ගෙන ඇති නිර්භීත තීරණයට පළමුවෙන් හිස නමා ආචාර කරමි. මෙය අළුත් වෙනසක් නොවූවත් කෘතිම පොහොරට ඇබ්බැහි වී සිටින ව්‍යාපාරික ගොවීන් අතළොස්සක් දේශපාලන වාසි ගන්නට වෑයම් කරන පිරිස්වල උපකාරයෙන් දක්වන විරෝධයක් බව පැහැදිලියි. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්නටත්, ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම වර්ධනය වන්නටත් ස්වභාවික කාබනික පොහොර/දියර පොහොර වර්ග ප්‍රචලිත කිරීම තුළින් ගොවිතැන සාර්ථක කර ගැනීමට හැකිවේ. ඒ සඳහා සැලැස්මක් අනුව වැඩ කිරීමට ගොවීන්ට අවශ්‍ය දැනුම ලබාදීමට කෘෂි බලධාරීන් සැලසුම් සහගතව පියවර ගතයුතුවේ. එසේම ගොවීන්ගේ ආකල්ප වෙනස් කිරීමට සියළු මාධ්‍ය ආයතන රට ගැන සිතා කටයුතු කළ යුතුවේ. මම මගේ ගොවිබිම කාබනික පොහොර වගාවෙන් සාර්ථක කර ගතිමි... මම එය ආරම්භ කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර කුඹුරේ කොටසක අත්හදා බලන ලද පැරිෂුට් වගාව මුළු කුඹුරේම ව්‍යාප්ත කරමිනි. මම ලත් එම සාර්ථකත්වය සැමදාම මගේ ගොවියා සමග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මා අධිෂ්ඨාන කර ඇත...
ganegoda Friday, 28 January 2022 01:56 PM
මොනවා හරි කියව කියවා කාලය කා දමන්න පුළුවන් කියලා නම් පේනවා.