(අංජුල මහික වීරරත්න)
එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රියා කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දෙනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පැවති සාකච්ඡාවකදීය.
දිවයිනේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් රෝගීන් වැඩි වශයෙන් හමුවන තත්ත්වයක් යටතේ පක්ෂයේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ගැන මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ දේශපාලන දර්ශනය අනුව ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙිදී කටයුතු කළ යුත්තේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් බවද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඔමික්‍රෝන් ගැන ඇහැ ගහගෙන දේශපාලන වැඩ කරන්න
සනත් ඉතාලිය Thursday, 03 February 2022 03:01 PM
ඇත්තටම ස්තුතියි ඔබට. ලපකුමාරට බූරුපුතාට ඔබෙන් ඉගෙනගන්න මොනතරම් තියෙනවද.